ගාලු මුවදොර අරගල බිමට ප්‍රහාරයක සැලසුමක්.

රටේ පවතින තත්වයට විසදුම් දෙන ලෙස ඉල්ලා දිගින් දිගටම පැවති විරෝද්තාවයන් නවතම මුහුණුවරක් ගනිමින් අඛන්ඩ විරෝදතාවක් ලෙස මේ වන විටත් ගාලු මුවදොර පිටියෙහි පැවත් වේ.

ඒ අතර අද වාර්තා වුයේ විවිධ බුද්ධි අංශ නිලධාරීන් 250 ක් පමාන එම ස්ථානයේ රදවා සිටින බවයි. එයින් ප්‍රධානතම කාරණාව විය හැක්කේ ජනතාව ආරක්ෂා කිරීම විය හැකිය. කෙසේ වෙතත් බුද්ධි අංශ නිලදාරීන් වැරදි වාර්තා සැපයීමක් සිදු කරන්නේ නම් එසේ වන්නේ කලාතුරකිනි.

කෙසේ වෙතත් මෙම අරගල භූමිය මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. එසේම අන්තර්ජාලය හරහා අපට ලැබෙන විවිධ වාර්තාවලට අනුව මෙම මෙම ස්ථානයේ සිටින පිරිසට යම් පිරිසක් පහර දීමට සූදානම් වන බව වාර්තා වේ. එම පිරිස ආරක්ෂක අංශද, වෙනත් කණ්ඩායමක්ද යන්න පැහැදිලි නැත. නමුත් ප්‍රශ්නයක් සිදු වුවහොත් එය සහ ඔවුන් නිසි ලෙසම හදුනානොගතහොත් එයද ආරක්ෂක අංශවල ගිණුමට බැර වේ.  එසේම වයඹ පළාතේ එක්තරා දේශපාලන ප්‍රබලයෙකු බස් රථ තුනකින් මැර කණ්ඩායමක්ද එවා තිබේ. ඒ මීට දින තුනකට පමණ පෙරදීය. එම කණ්ඩායම මේ වන තෙක්ම කොළඹ රැදී සිටින බවට සැක පහල කරන අතර ඔවුන් නැවත ගිය බවට වාර්තා වන්නේ නැත.

මේ කරුණු කාරනා දෙස මෙසේ අවධානය යොමු කරමින් සියලු ආරක්ෂක අංශවලට ඉතාම සංයමයෙන් තම රාජකාරිය කිරීමට සිදුව තිබේ. ඉතා කුඩා අතපසු වීමක් විශාල අපරාධයක ආරම්බයක් විය හැකි අතර යම් ලෙසකින් රජයක් මාරු වූ දිනයක ආරක්ෂක අංශ නිලදාරීන්ට  විවිද ගැටළු මෙන්ම පරීක්ෂන වලට මුහුණ දීමට සිදුවනු ඇත.

එබැවින් සියලුම දෙනා දෙස සමානාත්මතාවයෙන් බලන අපට මේ සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන්ය. ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුලද එසේය. අද ඔවුන්ද සතුටින් ඇති බව සිතිය නොහැක. ඔවුන්ටද කුමක් හෝ බියක් නොදැනෙන්නේ යයි කිව නොහැක. සියලු මැති ඇමතිවරුන්ද එසේමය. ඔවුන්ගේ දු දරුවන්ටද පාසලකටවත් යා නොහැකිව ඇත.  කෙසේ වුවත් ගැටුම් වලින් හෝ තර්ජනයෙන් මේ ප්‍රශ්නය විසදා ගත නොහැක. මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙන ශ්‍රී ලංකාවේ මේ ප්‍රශ්න ඇවිලෙන්නට ඉඩ නොදී සියලු ආරක්ෂක අංශ මනා සංයමයෙන් යුතුව තව දුරටත් කටයුතු කල යුතුව තිබේ.  එම සංයමය මේ ප්‍රශ්නය නිමා වන තෙක්ම පවත්වා ගත යුතුය.

එසේ හුවමාරු වන එක් අන්තර්ජාල පණිවිඩයක් පහතින්.

1. “අපට ගෝඨා ඕන” යන සටන්පාඨය සහිත ව දිවයිනේ ප්‍රදේශ කීපයක මහජන මුදලින් රැලි සංවිධාන කිරීම සහ එයින් එක රැලියක් ගාලුමුවදොර දක්වා ගෙන ඒම

2. අද හවස හෝ හෙට පාන්දර සෙනඟ අඩු වන තුරු බලා සිට, උද්ඝෝෂකයන් සේ ගාලුමුවදොරට ඇවිත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීම සඳහා කණ්ඩායමක් යෙදවීම – සහ ඊට සහයක් ලෙස දැනට එහි රාජකාරි කරන පොලිස් නිලධරයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම

3. සමාජයෙන් දැනටත් අපකීර්තිමත් ලෙස ප්‍රතික්ෂේප වී සිටින චීවරධාරියකුගේ නායකත්වයෙන් භික්ෂූන් පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීම සහ එහිදී ගැටුමකට මග පාදා ගැනීම – අමතර ව “උද්ඝෝෂකයෝ භික්ෂූන් පළවා හරිති” කියන නිවුස් එක අද රෑ ප්‍රවෘත්ති වලට දමාගැනීම

4. ගාලුමුවදොරදී තරුණියකට අතවර වුණා ය යන්න ස්ථාපිත වන ආකාරයේ සිද්ධියක් “ප්ලාන්ට්” කරගැනීම සහ එය හෙට නිවුස්වලට ඔබාගැනීම – නළුවන් සහ නිළිය දැනටමත් තෝරාගෙන අවසන්. ෂූට් එක අද රෑ හෝ හෙට පාන්දර කරන්න සූදානම් ලු. අරමුණ, මෙහි බර කරට ගෙන වැඩ කරන තරුණියන්ගේ සහභාගීත්වය අධෛර්යවත් කිරීම

5. ගාලුමුවදොරට කෑම, වතුර සහ අනෙකුත් දෑ ලැබීම වැළැක්වීම – දැනටමත් ජංගම වැසිකිළි ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය දන්වා තිබෙනවා. ඊට අමතර ව උද්ඝෝෂණ ස්ථානයේ සිට පැමිණෙන කිසිවකුට වැසිකිළි පහසුකම් නොදෙන්නැයි අවට හෝටල්වලට බලපෑමක් ලැබී තිබෙනවා.

මේ සේරම අපට එව්වෙ ඔයාගෙ මීටිමේ ම වාඩිවෙච්ච කෙනෙක් තමයි අංකල්. අපේ ඉදිකටු හිල් හොයන්න කලින් ඔයාලගෙ අලි නාවන වළවල් වහගන්න.

අරගලකරුවනි, අවධානයෙන් සිටින්න. අලකරුවන් දැක්කොත් ආවේගශීලී නොවී පොලිසියට බාරදෙන්න.

Exit mobile version