ගාලුමුවදොර පවතින අරගල භූමිය කිසි සේත් ඉවත් නොවිය යුතු බවද, එය පැවතිය යුතු බවද, එය ආරක්ෂා කිරීම සදහා මින් පසු රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන බවද, එය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් සලසා දෙන බවද නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරන ලද්දේ තරුණයන් ඉල්ලන වෙනස ලබා දෙන බවත්, එය ලබා දෙන තෙක් ඔවුන්ගේ අරගලය පැවතිය යුතු බවය. එසේම තව මාස දෙක තුනක් යන විට දැනට පවතින තත්වය වෙනස් කරගත හැකි බවද, ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප කරන බවද සදහන් කරන ලදී.