ශ්රී ලංකාව තුළ උද්ගතව ඇති අර්බුදවලට විසඳුම් ඉල්ලා ඊයේ (09) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටිය අවට සහ ජනාධිපති කාර්යාලය අසල ආරම්භ කල විරෝධතාවය තවදුරටත් ක්රියාත්මක වෙමින් පවතී.
මේ මොහොත වන විටත් ගාලු පාර අවට විරෝධතාකරුවන් රැඳී සිටි. අපට භාහිරින් ලැබෙන තොරතුරුවලට අනුව ඊයේ සහබාගි වීමට නොහැකි වූ පුද්ගලයන් අද සහබාගි වීමට නියමිතයි. එසේම ලැබෙන තොරතුරුවලට අනුව උදාවන අලුත් අවුරුද්දේද ඔවුන් එහිම රැදී සිටීමට නියමිතයි.
විරෝධතාව හේතුවෙන් ගාලු මුවදොර ආශ්රිත මාර්ග කිහිපයක් පොලිස් මාර්ග බාධක යොදා අවහිර කිරීමට කටයුතු කෙරිණි. සමාජ ක්රියාකාරීන් සංවිධාන කළ මෙම විරෝධතාවට දිවයිනේ විවිධ ප්රදේශවලින් පිරිස් එක්ව සිටිති.
අරගලකරුවන්ගේ ඉල්ලීම වන්නේ වත්මන් අදූර්දර්ශී පාලනය අවසන් කරමින්, වහාම ජනාධිපතිවරයා ප්රමුඛ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්රීවරුන් සහ ඇමතිවරුන් සිය ධුරවලින් ඉවත් විය යුතු බවයි.