මේ වන විට රට තුළ පවත්නා ඇතැම් ගැටලුවලට රජය අභ්‍යන්තරයේ විවෘත සාකච්ඡාවක් පැවැත්වීම තුළින් විසඳුම් ලබා ගැනිමේ හැකියාව ඇති බවයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ.
මහා සංඝරත්නය බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ දී විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පලකර ඇත.
අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන හිමියන් බැහැ දැක රටේ පවත්නා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව විදේශ අමාත්‍යවරයා විසින් පැහැදිලි කර ආශිර්වාද ලබාගෙන ඇත.
ඉන්අනතුරුව විදේශ අමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහා ලේකඛාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සහ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ද බැහැදැක අශිර්වාද ලබාගෙත ඇත.