ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරු – විදුහල්පති වෘත්තීය ගැටලු සඳහා අවසන් විසඳුමක් ලබාදෙන තුරු අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බවයි.
ඔක්තෝබර් 21 වන දින පාසල් ආරම්භ වීමට ප්‍රථම ඒ සඳහා විසඳුමක් අවශ්‍ය බව ඔහු මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත.
ගුරු – විදුහල්පති වෘත්තිය සංගම් අරගලයට විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් පාසල් ආරම්භ කිරීම පිළිබඳව ද තීරණයක් ගැනීමට සිදුවන බව ද ඔහු පවසා ඇත.