ගැසට්ටුවේ මිලට බිත්තර අලෙවි කළ නොහැකියි – බිත්තර නිෂ්පාදකයන්

පසුගියදා පාරිභෝගික අධිකාරිය මගින් ගැසට් පත්‍රයක්  නිකුත් කරමින් බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී . ඒ අනුව සුදු බිත්තර සදහා රුපියල්  44ක උපරිම සිල්ලර මිලකුත් රතු බිත්තර සදහා රුපියල් 46 ක උපරිම සිල්ලර මිලකුත් ඔවුන්  එම ගැසට්ටුව නිකුත් කරමින් ප්‍රකාශ කරන ලදී .

මෙම ගැසට් පත්‍රය නිසා සමස්ත ලංකා බිත්තර වෙළද  සංගමය බිත්තර වෙළදාමෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔවුන් ප්‍රකාශ කරන ලදී . නමුත් මෙම උපරිම සිල්ලර මිලක් පැනවූවද එම මිලට බිත්තර අලෙවි කල නොහැකි බව බිත්තර නිෂ්පාදකයන් කියා සිටී.

එමෙන්ම බිත්තර සදහා මිල ගණන් පාලනය  කිරීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිගයක් ඇති වීමට ඉඩකඩ ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි ප්‍රකාශ කරන ලදී .

Exit mobile version