ගෑස්,තිරිඟු පිටි,කිරිපිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීම පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නැහැ

පසුගිය දිනක ගෑස්,සිමෙන්ති,තිරිඟු පිටි සහ කිරිපිටි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීමට රජය තීරණයක් ගත් අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ (08) දිනයේ නිකුත් කර ඇත.

නමුත් මේ වන තෙක් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි සඳහන් වන්නේ.

කිරිපිටි සමාගම පමණක් මේ වන විට සාකච්ඡාකර කිරිපිටි මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබා දී ඇති අතර අනෙකුත් සමාගම් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලිට්‍රො ගෑස් සමාගම ද අද (09) පස්වරුව වන විට අවසන් තීරණයක් ලබා දීමට නියමිත බවයි එම සමාගම පවසන්නේ.

එමෙන් ම ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්.වෑගපිටිය මහතා සඳහන් කළේ ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන් ද අවසන් තීරණය අද පස්වරුවේ හෝ හෙට දිනයේ ලබාදෙන බවයි.

තිරිඟු පිටි මිල පිළිබඳව ලබන සඳුදා දිනයේ ත් සිමෙන්ති මිල පිළිබඳව අද දිනයේත් අවසන් තීරණ දැනුම්දෙන බවයි අදාළ සමාගම් පවසා ඇත්තේ.

Exit mobile version