සමස්තලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති NK ජයවර්ධන සඳහන් කර ඇත්තේ ගෑස් මිල අඩු කලද බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමට නොහැකි බවයි. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත්තේ බේකරි හිමියන්ගෙන් සියයට 25 ක් පමනක් ගෑස් භාවිතා කරන බවයි.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ගෑස් මිල ඉහල ගිය කිසිඳු අවස්ථාවක බේකරි නිෂ්පාදන වල මිල ඉහල නොදැමූ බවයි.
ඔහුන්ගේ මෙම ප්‍රකාශයන් විහිළුවක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ සඳහන් කර තිබේ. ඔහු සදහන් කරන්නේ ගෑස් මිල වැඩි වූ අවස්ථාවන් වලදී සමස්තලංකා බේකරි හිමියන්ගේ සංගමය මාධ්‍යය ඉදිරියට පැමිණ බේකරි නිෂ්පාදන වල මිල ඉහල දැමීමට ක්‍රියා කරන බවයි.
බේකරි හිමියන්ගේ සංගමය වෙළද ප්‍රජාව හා එක්ව පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන බවත් මෙවැනි සංගම් පිලිබදව තමා ඇත්තේ දැඩි පිළිකුලෙන් බවත් ඔහු සඳහන් කර තිබේ.