අද (27) දිනයේ පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් සංශෝධනය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.
පසුගියදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ දී ආනයනයකරුවන් විසින් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නැංවීමට කරන ලද ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට් එකක් රුපියල් 200කින් ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක් රුපියල් 80 කින් ගෑස් රුපියල් 550කින් සිමෙන්ති රු.50 කින් සහ තිරිඟු පිටි රුපියල් 10කින් මිල ඉහළ නැංවීම පිළිබඳ තීරණය ගැන මෙහිදී සාකච්ඡා කර ඇත.
මේ සම්බන්ධ අවසන් තීරණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත අතර, මේ වන විටත් වෙළඳපොළේ කිරිපිටි හිඟයක් පැවතීමට හේතු වී ඇත්තේ කොළඹ වරායේ පවතින කිරිපිටි තොග නිදහස් කරගැනීමට විවිධ ගැටළු ඇති බැවින් බවයි ආනයනකරුවන් සඳහන් කර ඇත්තේ.