කාන්තාව දිනපතා උදේ සවස වැඩකරන ගෑස් සිලින්ඩරය කොයි මොහොතේ පිපිරී යාවිද යන බියෙන් මේ වන විට සෑම කාන්තාවක්ම පසුවන බවයි පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ.
අද (01) පැවති පාර්ලිමේන්තුවේ දී ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ පිළිබඳව සඳහන් කර ඇත.
එමෙන් ම මේ පිළිබඳව ඉක්මන් විසඳුම් ලබා දී මෙම ගැටලුව විසඳා දෙන ලෙස රජයේ සියලු පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිට ඇත.