ගෑස් ගැටලුව මානව හිමිකම් කොමිසමට

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ආමාත්‍යංශයේ ලේකම්වරයාට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ සෙසු භාණ්ඩවල මෙන් ම ගෑස් සිලින්ඩරවලද ඇසුරුම් කළ දිනය සහ එහි අන්තර්ගතය සටහන් කරන ලෙස ද ඉල්ලමින් ය.

Exit mobile version