මේ වන විට ශ්රී ලංකාවේ ගෑස් පෝලිම් නැති තරම්ය. වැඩි මිලට වුවත් ජනතාවගේ එක ප්රශ්නයක් විසදා තිබේ. පෝලිම් අවසන් වෙද්දී බදුල්ල පහලගම ප්රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගිය බවට බදුල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් යොමුව තිබේ.
ඊයේ (170 පෙරවරු 11.00 ට පමණ දිව අහාර පිස අවසන්ව පැය තුනකට පමණ පසුව මුළුතැන්ගෙයින් ශබ්දයක් ඇසුණු බවත් පසුව බැලීමේදී ගෑස් ලිප පුපුරා ගොස් තිබෙනු දුටු බවත් අංක 59, පහලගම, බදුල්ල ලිපිනයේ පදිංචි තරංඟා නිල්මිණි කුමාරි නමැති කාන්තාවක විසින් මෙම පැමිණිල්ල කර තිබෙන බැව් වාර්තා වෙයි.