සැබවින්ම අපේ රටේ දේශපාලන සංස්කෘතිය සැකසී තිබෙන්නේම සහ මිනිසුන් ආදරය කරන්නේම මැතිවරණ කාලයට හෝ භාණ්ඩ මිල අඩු කිරීම හෝ සැපයක් ලෙසයි. ඒ සැපයට ආසා කරමින්ම චන්දය ප්‍රකාශ කර දින කිහිපයකින් නැවත වරක් පවතින ආණ්ඩුවටම බනින අහිංසක ජනතාවක් ශ්‍රී ලංකාවේ සිටින නිසාම එහි වාසිය ලබන්නේම දේශපාලන පක්ෂ පමණි.
එහි ප්‍රතිපලයක් ලෙස වැටුණු ආර්ථිකය දශමයෙන් දශමය ගොඩ නැගෙන්නා සේ පසුගිය කාල වකවානුව තුල සේ ගෑස් පෝලිම් මෙන්ම ඉන්ධන පොලිම්ද නැති වී ටිකෙන් ටික ආර්ථිකය යහපත් වෙමින් පැවතියත් ජනතාවගේ දුක්ඛිත තත්වයෙන් ඔවුන් මුදවා ගැනීමට තවමත් ගෝඨාභය රජයේ මැති ඇමතිවරුන්ට බැරි විය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වුවත් මැති ඇමතිවරුන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන්ය.
මේ වන විට පුංචි චන්දයක් ගැන කියවෙමින් පවතී. ඒ අතරම අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ. එසේ පහල දැමීමත් සමගම කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409ක් දක්වා පහළ ගොස් ඇත.
එමෙන් ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 38කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822ක් බව ලිට්රෝ සමාගම පැවසීය.
කෙසේ නමුත් පැවති ගෑස් මිලට ගැනීමට නම් තව විශාල මුදලක් අඩුකළ යුතුව තිබේ.