ගෑස් මිල නැග, හිඟ වෙද්දී ඉංධන පෝලිම්. තීරක පංතිය තම සුඛ විහරණයේ සැපට ඉදී.

දින කිහිපයක සිට ඉංධන හල් අසල පෝලිම් නිර්මාණය වෙමින් පවතී. සමහර ඉංධන හල් අසල දිගු පෝලිම් දැකිය හැකිය. මේ අතර ඉන්ධන සංචිත තමන් සතුව පවතින්නේ දින 15 කට පමණක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සදහන් කරයි.

එසේම ලංඛා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් ගුවන්විදුලි නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේ පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කළද ඊට අදාළ ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ඉන්ධන හිඟය නිර්මාණය වු බවයි.

කෙසේ වුවත් පාලකයන් සේම රාජ්‍ය සේවයේ පරිපාලන ස්වයේ සමහර නිලධාරීන්ගේ අතීසාරෙට අමුඩෙ ගැසීමේ ක්‍රියාවලිය කිසිදු දැක්මක් නැති දුෂිත ක්‍රියාවලියකි. ඔවුන් සෙල්ලම් කරනුයේ ඔවුන්ගේ සුඛ විහරණය තකා පමණි.

මේ දුෂිත ක්‍රමය අනුව කුමන රජයක් යටතේ කුමන ජනාධිපතිවරයෙකු පත්වුවත් රට ගොඩගැනීමට නොහැකිවන බව අප මීට පෙරද වාර්ථාකර තිබේ.

Exit mobile version