කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවමින් සඳහන් කළේ හෙට (09) දිනයේ ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට ය.
විශේෂයෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවරගන්නා ලෙසයි.
එමෙන්ම ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද වාර්තා කර ඇත.
මේත් සමග මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.