නල්ලතන්නිය මුල්ගම පහල කොටසේ වතු නිවාසක් තුල හටගත් ගින්නක් හේතුවෙන් එම නිවසට හානි සිදුව ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 25වන දින උදැසන මෙම නිවස තුල හටගත් ගින්නක් හේතුවෙන් එම නිවසේ කාමර තුනක් හා ශාලය විනාශයට පත්ව ඇති බවත්ය.
මෙම නිවසේ හිමිකරු නල්ලතන්නිය ප්රදේශයේ වෙළද සැලක් පවත්වාගෙන පුද්ගලයකුට මෙම නිවස කුලියට ලබාදි එම පුද්ගලයා ප්රදේශයෙන් පිට ජිවත්වන බවට හෙලිව ඇති බවත්ය.
මෙම නිවස තුල ගින්න හටගන්නා අවස්ථාවේදි නිවස තුල කිසිවෙක් සිට නොමැති බවත් මෙම ගින්න පිලිබදව මේ වන විට නල්ලතන්නිය පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.