ගිනි ගැනීමකින් වතු නිවාස 12ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වීමේ පුවතක් තලවකැලේ ප්රදේශයෙන් වාර්ථාවේ.
නිවෙස් ගිනි ගැනීමෙන් එහි ජීවත් වූ ජනතාවට කිසිදු හානියක් නොමැති බවයි වාර්තාවන්නේ.
එම වතුයායේ බොහෝ දෙනෙක් ඊයේ (15) දින රාත්රියේ තෛපොංගල් සැමරුම් උත්සව සදහා සහභාගී සිටි අවස්තාවක මෙම ගිනි ගැනීම සිදුව තිබේ.
තලවකැලේ ඔඩ්ලන්ඩ් වතුයායේ කොටසක එක් නිවාස පේළියක පළමුවෙන්ම එක්නිවසකට ගිනිගෙන පසුව අසල තිබු නිවාස වලටද ගින්න පැතිර ගොස් තිබේ.
ගින්නට හේතුව ලෙස විදුලි කාන්දුවක් යැයි පොලීසිය සැක පළ කරයි.