ගිනිකෙළි නිෂ්පාදකයින්ට මලකෙළියයි.ජනතාවට ගිනි කෙළියයි.

එළඹ ඇති උත්සව සමය තුළ ජනතාව ගිනිකෙළි නීෂ්පාදන මිලදී ගැනීම සඳහා වැඩි අවධානයක් නොදක්වා ඇති බව ලංකා ගිනි කෙළි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

ගිනිකෙළි නිෂ්පාදන අමුද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් ගිනිකෙළි නිෂ්පාදනය සඳහා වැඩි වියදමක් දැරීමට සිදුව ඇති බැවින් ඒවායේ මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවයි ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

එදාවේල කුස ගිනි පුරවාගන්න දවස තිස්සේ පගිනි අව්වට වේලිලා වැස්සට තෙමිලා සොයාගන්නා සොච්චම් මුදලෙන් දරුවන්ට කොහොම ගිනිකෙළි අරන් දෙන්නට හැකියාවක් අද දුප්පත් මවට පියාට නොමැත.නමුත් දරුවාගේ ආසාව දැන දැන නොදැක ඉන්න බැරිකමට ඇතැම් විට ණයට හෝ ගිනි කෙළි නිෂ්පාදනයක් දරුවාට අරන් දෙන්න තාත්තා උත්සහ කරයි.

නමුත් මේඋත්සව සමය නම් රටේ අම්මලා තාත්තලා වැඩිපුරම කඳුලු සලන කාලය වනු ඇත.වෙනදා මෙන් දරුවන්ට කෑම ජාති තෑගිබෝග ලබා දෙන්න වත්කමක් නැති තැන ඒ අම්මලා තාත්තලා කඳුලු සලයි, දරුවාට ලස්සන ඇඳුමක් අරන් දෙන්න බැරිකම නිසා අම්මලා තාත්තලා කඳුලු සලයි, මේ වගේ විශාල දහසකුත් අම්මාවරුතාත්තාවරු අද රට තුළ සිටියි.

මේ උත්සව සමයේ තමන්ට හැකියාවක් තිබේනම් තමන් අවට සිටින දුප්පත් පවුලට හැකි පමණින් පුංචි හෝ දෙයක් කරන්න පුළුවන් නම් එය ඉතාමත් වටිනා ක්‍රියාවක් වනු ඇත.තමන්ට හැකි පමණින් තව කෙනෙකුගේ මුහුණට සිනහවක් ලබා දෙන්න හැකි නම් එය මේ ලොව ඇති උතුම්ම ක්‍රියාවන් අතරින් එකක් වනු ඇත.

ඉතින් මේ අමාරු කාලයේ තමන්ගැන මෙන්ම අනුන් ගැන ද සිතන වටිනා පුද්ගලයෙක් වන්න.

Exit mobile version