ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් ඉවත් කරන්නේ කවදා ද?

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සඳහන් කර ඇත්තේ ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම ස්ථානයෙන් රැගෙන යාමට හෝ ඉවත්කර ගැනීමට එහි තවදුරටත් ඉන්ධන තිබේදැයි යන්න පිළිබඳව තහවුරු කර ගත යුතු බවයි.

එම නෞකාව ඉවත් කර ගැනීමේ කටයුතු බාරව තිබෙන සමාගමට එහි ඉන්ධන තව දුරටත් ඇත්නම් එම ඉන්ධන වෙනත් ටැංකිවලට ඉවත් කර ගැනීමට පියවර ගත යුතු බවට දැනුම් දෙන බවයි එම අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසා තිබුණේ.

 එමෙන් ම අදාළ නෞකාවේ හිමිකාර සමාගම විසින් මේ වන විට අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවා ඇති අතර එම ටෙන්ඩර් අයදුම් කිරිමේ කාලය මේ මස 21 වන දිනෙන් අවසන් වන බවයි ඇය සඳහන් කළේ.

මෙම නෞකාව ඉවත් කර ගැනීමේ කටයුතු භාරව සිටින සමාගම විසින් බොහෝදුරට ඔක්තෝබර් නැතහොත් නොවැම්බර් මාසයේ මුල වන විට එය ඉවත් කර ගැනීමට ආරම්භකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version