ලෝකයේ පළමු වරට කාන්තාවක් ගිනිජාලාවක් සහිත වළල්ලක් මධ්‍යයෙන් යතුරුපැදියක් ධාවනය කරන ලද්දේ අපේ රටේම අපේ කතක්.
ඇය නමින් බන්දු ජයවර්ධන වන අතර වර්ෂ 1984 දී ශ්‍රී ලංකා යුද හමුදා පළමු කාන්තා බලඇණිය නියෝජනය කරමින් ඇය එක් අවස්ථාවක දී බලාසිටි සියල්ලෝ ත්‍රාසයෙන් මුසපත් කරමින් යතුරුපැදියක නැග හීසරක වේගයෙන් පැමිණ උස අට්ටාලයක් මතින් අඩි 60ක් පමණ අහස්තලයට ගොස් ගිනිගෙන දැවෙන වළල්ලක් තුළින් තවත් පිම්මක් ඉදිරියට තැබුවේය.
මේ යකඩ ගැහැණිය අද වන විට සිය දරු මුණුබුරන් සමග කොට්ටාවේ පිහිටි සිය නිවසට වී විශ්‍රාම සුවයෙන් දිවිගෙවන අතර ඇයගේ අතීතාවර්ජනය එහි දී ඇය සිහිපත් කරන්නේ පෙර සේම හිතේ මහත් ධෛර්යයක් කැටි කරගනිමිනි.
” මගේ උපන් ගම ගාල්ල දිස්ත්‍රික්කයේ ගිණිමැල්ලගහ. ගිණිමැල්ලගහ කණිෂ්ඨ විදුහල සහ සන්දරවල ශ්‍රී. රතනසාර විදුහලේ මම උසස් අධ්‍යාපනය දක්වා ඉගන ගන්නවා.මගේ පවුලේ සාමාජිකයන් දහ දෙනෙක් හිටියා. යුදහමුදාවට පොලීසියට සම්බන්ධ පවුලේ අය බොහෝ දෙනෙකු හිටියා. මම පාසැල් කාලෙ ඉදලම ක්‍රිඩාවට දක්ෂයි සමස්ථ ලංකා දක්වා පාසැල් ජයග්රහන මම ලබල තියනව. අපේ තාත්තා ගිං ගග වේල්ල දිගෙ මටයි මගේ නංගිලටයි, දුවන්න පුරුදු කළා.ඒ කාලේ අපේ නිවසේ යතුරු පැදියක්වත් තිබුනෙ නැ.ඒත් මම පපැදි පුහුනු වෙලා විවිධ තරග වලිනිත් ජයගත්තා.නිවසත් සමග බැදුන යුදහමුදා පොලිසි රැකියා මගේ ක්‍රිඩා කුෂලතා මේ දේවල් තමයි මට යුදහමුදාවට එක් වීමට බලපෑවේ.
1979 වසරේ තමයි මුලින්ම යුධහමුදාවෙ කාන්තා බලකායක් ආරම්බ කලේ.ඒ ගැන 1980 වසරේ ගැසට් එකේ තිබුන දැන්විමක් ගැන මගෙ මාම මට කීව ඒක බලල 1981 මාර්තු හය වනදා මම මුල්ම කාන්තා බලකායට එකතුවුනේ””
මෙලෙස ශ්‍රී ලංකා ප්‍රථම කාන්තා බලෑණිය සමග එක්වන බන්දු ජයවර්ධන මහත්මිය එහි කාන්තා සංදර්ශන අංශය ආරම්භ කිරීමට ද මුලපුරා ඇත.යුද හමුදා නිලධාරියෙකු විසින් යතුරුපැදියක් ගිනි වළල්ලක් තුළින් ගමන් කරන අයුරු ඇස ගැටෙන ඇයට ද ඒ පිළිබඳව උපන් ආශාවෙන් ඇය මෙතෙක් දුරට පැමිණ ඇත.සමස්ත කාන්තා ප්‍රජාවටම ආදර්ශයක් ද ඇය එතුළින් ගෙනවිත් ඇත.
යම් දෙයක් වෙනුවෙන් කැමැත්ත, උත්සහය ,උනන්දුවක් ඇත්නම් කළ නොහැකි දෙයක් නොමැති බව ඇය මුළු ලොවටම පෙන්වා දී ඇත. “ හිත ඇත්නම් පත කුඩාද” ලෙස අපේ ව්‍යවහාරයේ පිරුළක් ද ඇති අතර කාන්තාවකට උව ද උත්සහය ,උනන්දුව ඇත්නම් කළ නොහැක්කක් නොමැත.