ගුණමකුවෙක් වු ෆොන්සේකා. බර අවි ප්‍රහාරයක් මිහින්තලාවෙන්

ෆොන්සේකාට මිහින්තලයෙන් බර අවි ප්‍රහාරයක් – දේශපාලනේ දන්නා මිනිහෙක් නෙමෙයි – එදා පැරදුනේ හොඳ වෙලාවට

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුතුකම් නොදන්නා ගුණමකු පුද්ගලයකු බව මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

අන්තර්ජාලය නාළිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ 2010 වසරේ ජනාධිපතිවරණයේ දී තමන් වහන්සේ සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි බවත් ඒ අවස්ථාවේ ඔහු ජයග්‍රහණය නොකිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි.

සරත් ෆොන්සේකාට උදව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් වහන්සේට විවිධ හිරිහැරයන්ට ලක් වීමට සිදු වූ ඒ පිළිබඳව කෙළෙහිගුණයක්ද ඔහුට නොමැති බවද උන්වහන්සේ මෙහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Exit mobile version