පාසල් පද්ධතියේ අක්‍රමිකතා හා දූෂණ.
හය වන වෙළුම
ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය දැන් හරි වෙනස්ය. ඒ කියන්නේ අධ්‍යාපනය ද ගෝලියකරණය වි ඇත. ඒ කියන්නේ අධ්‍යාපනය ස්මාර්ට් (smart) වි ඇත. එනිසා ජංගම දුරකථනය මෙන්ම ලැප්ටොප් පරිගණකය ආදී මෙවලම් මේ වන විට පාසල් තුළ බහුලව දක්නට ලැබේ. ලැප්ටොප් පරිගණකය නම් ගුරුවරුයකුගේ දැඩි අධීක්ෂණය යටතේ පාලනය කළ හැකිය. නමුත් ජංගම දුරකථනය එසේ කළ හැකිද යන්න අප හමුවේ පවතින ගැටළුවකි. මක් නිසාදයත් වත්මන් සමාජය දෙස බලන විට අපට එය මනාව පැහැදිලිය. මෙම ජංගම දුරකථනය හේතුවෙන් සමාජ සමාජයේ යහපැවැත්මේ ප්රගමනයට වඩා සමාජයේ කඩා වැදිමට හේතු වන අවස්ථා අපට බොහෝ විට දක්නට ලැබේ.
ඒ අනුව මේ වන විට ජංගම දුරකථනය හේතුවෙන් සයිබර් අවකාශයේ සැරිසරමින් සිදු වන දූෂණ අක්‍රමිකතා බෙහෝය. මේ පසුගිය දිනක ප්රවෘත්ති වාර්තාකරණයේදි එක් ප්‍රසිද්ධ නාලිකාවක් හෙළි කළ කරුණුය. එනම් ඔහු 29 හැවිරිදි විද්‍යා ගුරුවරයෙකි. ඔහුගේ බිරිදද පාසල් ගුරුවරියකි. මෙම 29 හැවිරිදි විද්‍යා පාසල් ගුරුවරයා ශිෂයාවන් කිප දෙනෙකුම අපයෝජනය කොට ඇති බව එම පුවතින් කියවුණකි. මෙය වයඹ පළාතේ සිදු වු සිද්ධියක් ලෙස වාර්තා කොට තිබුණි. මෙම සිද්ධිය සබරගමුව පළාතේය. මෙය පිරිමි ළමයි පමණක් ඉගෙන ගන්නා පාසලකි. මෙහිද සිදුව ඇත්තේ එම පාසලේ ගුරුවරුයකු විසින් පිරිමි දරුවන්ව අපයෝජනය කිරීමයි. මෙවැනි සිද්ධීන් දිනපතා, නන් දෙසින් වාර්තා වේ. නිලවශයෙන් වාර්තා නොවන සිද්ධීන් අති විශාල ප්‍රමාණයක් තිබේ.
මේවායෙහි මෙහි බරතලකම අති මහත්ය. එනම් දෙමව්පියන් මේවා දැන ගත්තද එක විටම මේ පිළිබදව චෝදනා කිරීමට නොයති. මක්නිසාද යත් තම දූ දරුවන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දෙන ගුරුවරුන්ට ඔවුන් දෙවියන්ට මෙන් සලකන බැවිනි. දේවත්වයෙන් පිදිය හැකි වෘත්තියකට නිගා දෙන අයවලුන් සිදු කරන බරපතල දූෂණ හා අක්‍රමිකතා නිසා සමස්ත පාසල් පද්ධතියටම සිදු වන්නේ බරපතල ප්රහාරයකි. මෙලෙස කටයුතු කිරිමෙන් සිදු වන්නේ ඉතා හොදින් කටයුතු කරන අයෙකුට වුවද හොදින් කටයුතු කිරිමට ඇති අවස්ථාව ගිලිහි යාමයි. එනිසා මුළු මහත් සමාජයම යහපත් ගුරුවරයෙකු දෙස වුවද බලන්නේ වැරදි ආකල්පයකිනි.
නමුත් සමස්ත පාසල් පද්ධතිය තුළින්ම මෙම තත්ත්වය වෙනස් කල යුතුය. මක්නිසාද යත් ජාතියේ ජීවනාලිය බදු රටේ හෙට දවස භාර ගැනිමට සිටින පිරිස මෙලෙස බෙලහින තත්ත්වයකට ඇද දමන ගුරු වෘත්තියට නිගා දෙන පිරිස් පුනරුත්ථාපනය කොට හෝ ඔවුන්ට අවැසි දඩුවම් ලබා දි එම පිරිස් නිවැරදි ලෙස සමාජගත කල යුතුය.
මෙවැනි තත්ත්වයන්ට දැඩි ලෙස බලපාන ප්‍රධාන කරුණක් ඇත. එනම් ඉහතින් සදහන් කල පරිදි සිදු වන බරපතල ඝණයේ අක්‍රමිකතා නිසා වත්මන් පාසල් පද්ධතිය විනාශ මුඛයට යාම නැවතිය නොහැක. එනිසා කෙසේ හෝ අප මේ පිළිබදව ජන මතයක් සමාජය තුළ ගොඩ නගමින් සමාජය සුවපත් කිරිමට කටයුතු කළ යුතුය. නමුත් මෙලෙස සිදු වන සැම අපරාධයකට මූලිකම හේතුව බවට පත් ව ඇත්තේ ජංගම දුරකථන හරහා විෂම සමාජයක ජීවත් වන ගුරුවරයා වුවද මනස විකෘති කරගත් අයෙකු බවට පත් වි සිදු කරන විනාශයයි.
මෙහි බරපතලම සිද්ධිය වන්නේ සමාජය සුවපත් කිරීමට පමණක් නොව සමාජයේ ඉදිරි පැවැත්මට හා ප්රගමනය වෙනුවෙන් පෙනි සිටින ගුරුවරයා මෙලෙස ක්‍රියා කිරිම සමස්ත සමාජයේම පරිහානියට කෙරේ බලපැමයි. එනිසා අප කෙසේ හෝ සමාජය සුවපත් කිරිම උදෙසා ගුරු පරපුරම නිවැරදිව මගකට යොමු කරන ක්‍රමවේදය සකසන කාලය දැන් එළඹ ඇත.