මෙරට විශ්ව විද්‍යාල හතරක අචාර්ය මණ්ඩලය සහ ලොව පුරා විසිරී සිටින ඔවුන්ගේ හිතවතුන් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා හරහා සම්බන්ද වූ 200 කට ආසන්න මානව හිතවාදීන්ගේ එකතුවෙන්, ඔවුන්ගේ ධන පරිත්‍යාගයෙන් අනුරාධපුර, සාලිය පුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
එම නිවාස ව්‍යාපෘතියේ සම්පූර්ණ කරන ලද හත් වැනි නිවස අනුරාධපුර, සාලියපුර, කට්ටමන්කුලම, පන්සල්වත්ත යන ලිපිනයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් බාරදීම අද (21) සිදු වුවා.
මහාචාර්ය ඉන්දික ප්‍රසන්න, ආචාර්ය ශිරෝමි දිසානයක, ආචාර්ය අයිරාංගනී, ආචාර්ය උඩුරාවන, ආචාර්ය සංජය ෆර්නෑන්ඩු, ඩිලාන් ශ්‍රී ලාල් සහ පුෂ්පා ගුණවර්ධන යන මහත්ම, මහත්මීන් මෙම නිවාස ව්‍යපෘතියේ කමිටු ප්‍රධානීන් ලෙස කටයතු කරති.
පවතින කොවිඩ් අවධානම හමුවේ, නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්, මෙම කණ්ඩායමේ කිහිපදෙනෙකු පමණක් සහභාගීත්වයෙන් මෙම කටයුත්ත ඉතාම චාම්ව සිදු වූ අතර, මාන්කඩවල, සාරද රාජමහා විහාරාධිපති, ගරු ගුණරත්න නායක හාමුදුරුවන් වහන්සේ විසින් සියලුම ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන ලදී.
රවණා විශේෂ සටහන
ගුරුන්ටත් ගුරු වූ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක් මූලිකත්වයෙන් එකතු වූ මෙම මානව හිතවාදී කණඩායමට, “නිදුක් නිරෝගී චිර ජීවනය පවතිමින්, තව තවත් මෙවැනි කටයුතු සිදු කරන්නට අවශ්‍ය ශක්තිය දිරිය නිරන්තරයෙන්ම ලැබේවා… යයි රාවණා අපගේ සුභාශින්ෂණ එක් කරමි.