ගුරුවරයෙකු හෙරෝයින් සමග අත්අඩංගුවට .

හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 90ක් සමග පාසල් ගුරුවරයෙකුව හලාවත කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අද (27) දහවල් හලාවත – පුත්තලම මාර්ගයේ ලුණුඔය පාලම ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩප්පුව – කොට්ඨාස අංක 03 පදිංචිකරුවෙකි.

සැකකරු පුත්තලම ප්‍රදේශයේ දෙමළ මාධ්‍ය පාසලක ගුරුවරයෙකු බවට විමර්ශණ වලදී හෙලිවී තිබේ.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version