අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ.
වාර්තා වන ආකාරයට අදාළ තරග විභාගය සඳහා වන අයදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ ලබා ගත හැකි අතර Online ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකියාවක් පවතී.
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය එළඹෙන දෙසැම්බර් 01 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.