ගුරු පුරප්පාඩු ඉදිරි තුන්මාසයේ පිරවිය යුතුයි

ගුරුවරු 12000 ට ආසන්න ප්‍රමාණයක් මෙම වසරේ විශ්‍රාම ගොස් ඇති බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයට එය ඉතා  දැඩි ලෙස බලපා ඇති හෙයින් ඉදිරි මාස කිහිපය තුල එම අඩුව පිරවිය යුතු බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට රජය ගත් තීරණය හේතුවෙන් පෙර වසර වල ගුරුවරු 4000ක් පමණ විශ්‍රාම ගියද මෙම වසරේ ගුරුවරු 10000 -120000 අතර ප්‍රමාණයක් විශ්‍රාම ගොස්තිබේ.

ඒ  සදහා ගතයුතු ඉදිරි  පියවර සම්බන්දයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ 2023 වර්ෂය සදහා එම අමාත්‍යංශයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමිනි.

Exit mobile version