ගුරු පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවයි.

දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිදාරීන්ට පමණක් ජාතික හා පළාත් පාසල් සදහා ඇති සිංහල ,දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා තරග විභාගයට අයදුම්පත් කැදවීම ආරම්භ කර ඇති අතර එම අයදුම්පත්  2023 පෙබරවාරි මස 10 වනදා දක්වා භාර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

අයදුම්පත් යොමු කිරීම සදහා applications.doenets.lk/exams යන වෙබ් අඩවිය භාවිත කරන බව දන්වා සිටී.

Exit mobile version