ඊයේ (17) දින රජය නිවේදනය කළේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500කගේ සියලු මාරුවීම් අහෝසි වනු ඇති බවත් වාර්තාවේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ එළඹෙන සඳුදුා ගුරු මාරු මණ්ඩලය කැඳවා සාකච්ඡා කර තීරණවලට එළඹෙන බවයි.
කෙසේවෙතත් එම මණ්ඩලයේ සාමාජික පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් සදහන් කර ඇත්තේ නව පාසල් වාරය ආරම්භයෙන් පසු සියලු ගුරු මාරුවීම් එලෙසම ක්‍රියාත්මක වන බවය.
තව දුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ.
“මේක අසත්‍ය ප්‍රකාශයක්. මේ වසර 5 ඇතුළත මේ ස්ථාන මාරු කිරීම් නිසා කිසිම පාසලක දරුවන්ගේ අධ්‍යාපනය පහළ වැටීමක් සිදුවෙලා නැහැ. සුපිරි පන්තියේ විදුහල්පතිවරු කිහිපදෙනෙක්… 21 දෙනෙක් මේ මාරුවලට විරුද්ධව ඉන්නවා. පරිපාලනය ඉතාමත්ම බිංදුවට වැටුණු මහන්තත්ත්වයෙන් සිටින විදුහල්පතිවරුන් 21 දෙනෙක්. විවිධ වරප්‍රසාද ලබන ගුරුවරුන් 1000ක වගේ පිරිසකටත් අවශ්‍ය විදියට අධ්‍යාපනය හසුරුවන්න අපි දෙන්නේ නැහැ.”
“මාරුවීම් සියල්ලක්ම 28 වනදා සිට ක්‍රියාත්මක වෙනවා. එසේ නිදහස් නොකරන යම් විදුහල්පතිවරයෙක් ඉන්නවා නම් ඔහුට විරුද්ධවත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. සම්පූර්ණ නැවැත්තුවොත් රටම අඩපණ කරනවා කියන එක දැඩිව කියා සිටිනවා.”