ගුරු-වැටුප් විශමතාවයට අයවැයේ යෝජනාව

මෙවර අයවැය වාර්තාවට ගුරු-විදුහල්පති වැටුප් විශමතාව විසදීමට අවශ්‍ය යෝජනාද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ගුරු-විදුහල්පති වැටුප් විශමතාවන් ඉවත් කරන ලෙස ඉල්ලා කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් අවසන් කර ,2021.08.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තවත් රු.මිලියන 30,000ක මුදලක් වැටුප් වශයෙන් ඇතුළත් කිරීමට යෝජනා කර ඇත.

ඒ දැනට ගුරු-වැටුප් සඳහා දැනට වෙන් කරන ලද රු.මිලියන 109,000ක් වන මුදලට අමතරවය.

එමෙන්ම මේ වන විට උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ඇති 53,000ට අධික උපාධිධාරීන් වෙත 2022 වසරේ ජනවාරි මස සිට ස්ථිර  පත්වීම් ප්‍රදානය කිරීමට කටයුතු කෙරෙන බවත් ඒ සඳහා රු.මිලියන 27,600ක් පමණ වැයවෙතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව මේ වන විට වෙන් කර ඇති රු.මිලියන 20,000ට අමතරව තවත් රු.මිලියන 7,600ක මුදලක් ද ඒ සඳහා වෙන් කෙරේ.

Exit mobile version