ගුරු විදුහල්පති ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳන බවට නව අධ්‍යාපන ඇමති ගෙන් ප්‍රකාශයක්.

නව කැබිනට් සංශෝධනයට අනුව පත්කෙරුණු, නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ මේ වන විට ගුරුවරුන් විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

ඊයේ (16) පස්වරුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මුණගැසී, නව අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

භාරදූර කර්තව්‍යයක් තමයි අධ්‍යාපන අමාත්‍යාංශය වගේම සෑම අමාත්‍යාංශයක් ම. සහෝදර අමාත්‍යවරු හා ජනාධිපතිවරයා සමග මේ තියෙන අභියෝගය ජාතික කර්තව්‍ය ඉටු කිරීමට අපි කැප වී තිබෙනවා. අපේ දරු පරම්පරාව කියන්නේ අපේ රටේ අනාගතය. එය ගැඹුරින් අවබෝධ කරගෙන කටයුතු කිරීමට අඛණ්ඩව අපි ක්‍රියා කරනවා. සාකච්ඡා මාර්ගයෙන් අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තහම ගුරු ගැටලුව ගැන කටයුතු කරනවා. “

ප්‍රශ්නය – ඔබතුමා කැමැත්තෙන්ද මේ අමාත්‍ය ධුරය භාර ගත්තේ?

සිය කැමැත්තෙන් නේ දිවුරුම් දෙන්නේ, ජාතියට සේවය කිරීමේ දී අපි පරිත්‍යාගය හා ආදර්ශයෙන් ජාතිය වෙනුවෙන් කටයුතු කිරීමේ ක්‍රියාමාර්ගයට කැපවූ දේශපාලනයක නිරත වෙනවා. රටවැසියා වෙනුවෙන් කළ හැකි කර්තව්‍යය කැප වෙනවා මිසක් තනතුර වෙනුවෙන් කැපවීමක් නෙවෙයි වෙන්නෙ.”

කෙසේ නමුත්, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ආණ්ඩුව තවදුරටත් කල් මරමින් සිටින බවයි ගුරු වෘත්තිය සමිති, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

ඊයේ (16) දිනයේදී ජනාධිපතිවරයා විසින් අමාත්‍යධූර කිහිපයක සංශෝධනයක් සිදු කරනු ලැබූ අතර එම අමාත්‍යධුරයන්ගේ සංශෝධනවලින් අනතුරුව අමාත්‍ය මණ්ඩල රැස් වන පළමු අවස්ථාව මෙය වේ.

Exit mobile version