ගුරු-විදුහල්පති සේවා සංවෘත සේවාවන් බවට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇත.
ඒ අනුව 2021.08.30 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කර ඇති බව එම නිවේදනයේ ඇතුළත් වේ.
එමෙන් ම පත් කිරීම්, උසස් කිරිම්, විනය, ස්ථාන මාරු හා නෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින් ඉදිරියටත් බලපැවැත්වෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ඒ ඒ සේවාවන් සඳහා අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහය පිළිබඳ බලධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනයන් ද කර ගැනීමේ හැකියාව ඇත.