මේ දිනවල බොහෝසෙයින් අවධානයට ලක් වූ, විශාල ගැටලුවක්ව පැවැති ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අමාත්‍යවරු සිව්දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුවේ සාමාජිකයන් ලෙස විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.