ගුරු-විදුහල්පති වැටුප් විශමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.
අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත බව සඳහන් වේ.
2021 වසරේ අගෝස්තු 30වන දින සහ මෙම වසරේ ජනවාරි මස 03 යන දිනයන්හි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදි ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණවලට අනුව අදාළ චක්‍ර ලේඛය නිකුත් කර ඇත.
මෙම චක්‍ර ලේඛය 2022 වසරේ ජනවාරි මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යංශයේ එකඟතාවය ද හිමිව ඇත.
එමෙන්ම 2020 වර්ෂයේ දී පුහුණු අභ්‍යාසලාභින් ලෙස බඳවා ගැනුණු උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරීන් වශයෙන් ස්ථිර පත්වීම් ලබාදීමට ද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව උපාධිධාරීන්ගේ වසරක පුහුණු කාලය සම්පූර්ණ කළ අය සඳහා මෙම වසරේ ජනවාරි මස 03 වන දින සිට ස්ථිර පත්වීම් හිමිවන බවත් උපාධිධාරීන් 51,682කු සඳහා මෙලෙස ස්ථිර පත්වීම් ලබා දීමට නියමිත බවත් වසරක පුහුණු කාලය අවසන් නොකළ උපාධිධාරීන් සඳහා අප්‍රේල් මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර පත්වීම් ලබා දීමටත් නියමිතව ඇත.