ගුරු සංගම් අභ්‍යන්තර ගැටුම් එළියට

එලඹෙන ජනවාරි මස සිට ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කැබිනට් අනුකාර සභාවේ යෝජනා ගුරුවරුන් වෙත ලබාදීමට රජය තීරණය කර ඇත.

කැබිනට් අනුකාරක සභාව විසින් ලබාදී ඇති යෝජනා මෙවර අයවැය ඔස්සේ ද ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ.

ඒ අනුව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සදහන් කළේ සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස අමාත්‍ය කමිටුව ඉදිරිපත් කරන ලද වැටුප් යෝජනාව එකවර ගෙවීම සදහා රජය විසින් සිය එකගත්වය පල කළ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේ ,

අවලාද නගපු ආණ්ඩුවේ ගුරු සංගම් නායිකාව අද ලැජ්ජා නැතුව රෙදි ඇදගෙන ගිහින් යෝජනාවලියක් භාරදීලා කියනවා ඒ අයගේ යෝජනාවක් විදියට ක්‍රියාත්මක වෙනවා කියලා.කලින් පිටපත් කරන ලද පිටපතක් තමයි අද පාර්ලිමේන්තුවේ දී රඟ දැක්වුයේ.ලෙසයි.

Exit mobile version