ගුරු සංගමෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ වන විට, පාසල් සිසුන්ගේ මෙම වසරේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කළ යුතු බවට කරන ලද නිවේදනය හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් මහත් අපහසුතාවයට පත්ව ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ලිපියට අනුව විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට තරම් කාලය ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version