“ගුරුවරුන්ගේ සාදාරණ වැටුප් වෙනුවෙන් මමත් පෙනී සිටිනවා”, හිටපු මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබේ. ඒ මහතා එසේ ප්‍රකාශ කර ඇත්තේ අද (06) පස්වරුවේ සිය මුහුණු පොතේ සටහනක් තබමිනි. එම සටහන තුල වැඩි දුරටත් සදහන් වන්නේ, ගුරු/ විදුහල්පති සහෝදර සහෝදරයිනි, එකී වෘත්තීය සමිති නායක සහෝදරවරුනි. වෛද්‍ය වෘත්තීයනට හා විශේෂඥයනට කරුණාකර සවන් දෙන්න. ඔබේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමේ ක්රියාදාමයේ උපාය මාර්ග හෙවත් ක්‍රමවේද දැන් නොපමාව වෙනස් කරන්න. පවත්නා වසංගතය හේතුවෙන් වීදි සටන් තව දුරටත් ඉදිරියට ගෙන යාම අහිතකරය. ගුරු/ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සඳහා සාධාරණ ඉහල වැටුප් තල ලබාදීමත් අත්‍යාවශ්‍ය යන්න වෙනුවෙන් මම පෙනී සිටිමි, ලෙස සදහන් වෙයි.