ලංකා ගුරු සම්මේලනය විසින් ඉදිරියේදී විභාග පවත්වන දිනයන්හිදී විදුලිය විසන්දි කිරීම් වළක්වාලීමේ නියෝගයක් ඒහා සම්බන්ද ආයතන සදහා නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකරනලද මුලික මිනිස් අයිතිවාසකම් පෙත්සම සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි මස 14 වනදා කැදවන ලෙස නියෝග කර ඇති බව සදහන් වේ.
ඒ අද (6) දින ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙන්ගප්පුල්ලි, මහින්ද සමයවර්ධනයන අය හමුවේ පෙත්සම කැදවූ අවස්තාවේදී.
ලංකා ගුරු සම්මේලනයේ ලේකම් ජෝසප් ස්ටාලින් විසින් මෙම පෙත්සම ගොනුකර තිබු බවයි සදහන් වන්නේ.
තවද අධිකරණය විසින් නියම කර ඇත්තේ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින විභාග කොමසාරිස්වරයා හට නොතීසි නිකුත් කරන ලෙසයි.