ගුරු හිඟයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණ .

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේත් බදුල්ල දිස්ත්‍රික්කයේත් අවසන් පාසල කොස්ලන්ද වන බ/හීවල්කදුර මහා විද්‍යාලයේ ගුරු හිඟයට විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (08) සවස පාසල නිමා වීමෙන් පසු දෙමාපියන් විසින් උද්ඝෝෂණයක් පවත්වා තිබෙන බව වාර්තා වේ .

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ගුරුවරුන් නොමැතිකම හේතුවෙන් සිසුන් අපහසුතාවට පත් වී ඇති බැවින් ඉක්මනින් ගුරුවරුන් ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් හා දෙමාපියන් මෙම උද්ඝෝෂණය පවත්වා තිබේ .

Exit mobile version