ගුවන්ගතවූ යානය හදිසියේම ගොඩබස්වයි

අද( 28 )පස්වරුවේ කාටුනයක ගුවන්තොටුපලින් විශේෂ පුවතක් වාර්තා විය.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ යු එල් 139 දරණ ගුවන්යානය අද පස්වරු 02.02 ට ඉන්දියාවේ මධුරෛ බලා පියාසර කිරීමට නියමිතව තිබු අතර පියාසර කිරීම ආරම්භවී විනාඩි 5 පසු යලි ගොඩබස්වන ලදී.

යානයේ කාර්මික දෝෂයක් මෙයට හේතුව බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරීන් සදහන්  කල අතර,මගීන් ඒ තුලම රදවාගෙන යානයේ අලුත්වැඩියාව සිදු කිරීමට එහි දී ඔවුන්  පියවර ගෙන තිබුණි.

Exit mobile version