ගුවන් ගමන් පාලකයින්ගේ හිඟයක්.ගුවන් ගමන් පාලනයත් මෙරටට අහිමිවන ලකුණු.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයෙන් වාර්තා වන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක් පවතින බවයි.

ගුවන් ගමන් පාලකවරුන් 150 දෙනෙකු මෙරට සිටිය යුතු වුවද මේ වන විට එහි සේවය කරනු ලබන්නේ පාලකවරුන් 80ක් පමණක් බව සඳහන් වේ.

මෙම ගැටලුව හේතුවෙන් මෙරට හරහා ගමන් කරන ගුවන් යානා සඳහා ලබාදෙන ගුවන් අවකාශ   සේවාව සැපයීම විදෙස් රටවලට ලබාදීමට සිදුව ඇත.

එමෙන්ම මෙම තත්ත්වය යටතේ මෙරටට ගොඩබාන සහ පිටව යන ගුවන් යානා පාලනය කිරීම පමණක් සිදුකරනු ලබන අතර ජාත්‍යන්තර ගුවන් යානාවලට අදාළ පාලන කටයුතු වලින් ද ඉවත් වීමට සිදුව ඇති බව වාර්තා වේ.

මෙම ගැටලුව මතුව ඇත්තේ මෙරට ගුවන් ගමන් පාලකවරුන් ලෙස කටයුතු කල සේවකයින් විදේශ රටවලින් ලබාදෙන මුදල් සහ අනෙකුත් වරප්‍රසාදයන් සැලකිල්ලට ගෙන  ශ්‍රි ලංකාව අතහැර ගොස් සිටින බැවින් බව සඳහන් වේ.

කෙසේ නමුත් ගුවන් ගමන් පාලන ය මෙරටට  අහිමිවුවහොත් ඉන් ශ්‍රී ලංකාවට වන පාඩුව අමෙරිකානු ඩොලර් 25,000ක්  පමණ වන බව සඳහන් වන අතර පවතින සේවකයින්ගෙන් උපරිම සේවාවක් ලබාගත හැකි කාලය ද පැය 12ක් දක්වා සීමා වනු ලබයි.

මේ අතර ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නසීමා පැනවුවහොත් එහි දී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලට ශ්‍රී ලංකාව හරහා ගමන් කරන ගුවන් යානා පාලනය කිරීමේ කටයුතු ද හිමිවිය හැකි බව ද වාර්තා වේ.

Exit mobile version