ගුවන් ගමන් පාළකවරුන් අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්වන සහ පැමිණෙන ගුවන් යානාවල ප්‍රමාදයක් සිදු වූ නමුත් හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය බලනොපාන බවට ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා ප්‍රකාශ කර තිබේ.
ගුවන් ගමන් පාළකවරුන් රට අතහැර යාම වැලැක්වීම සදහා වූ යෝජනාවලිය වෙත මෙතෙක් ප්‍රතිචාර නොදැක්වීම,ශ්‍රී ලංකාවට ඉහලින් ගමන් කරන ගුවන් යානා වලින් අය කරන ගාස්තු වලින් 40% ක් භාණ්ඩාගාරය වෙත ගෙවන ලෙස රජය නියෝග කිරීම ,සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම මූල්‍ය වශයෙන් ලබන පාඩුව අවම කිරීම ආදී ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට වාර්තා වේ.