ගුවන් යානයක් තුල පුද්ගලයකු ජීවිතක්ෂයට

ඉන්දීය ගුවන් යානයක් හදිස්සියේම පාකිස්තානයට ගොඩබෑමට තීරණය කර ඇත්තේ මගියෙකු ජීවිතක්ෂයට පත්වීම නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ගුවන් යානය තුල මිය ගොස් ඇත්තේ නයිජීරියානු ජාතිකයෙකු බවට වාර්තා වන අතර කරච්ච් වෙත ගුවන් යානය ගොඩබෑමට මත්තෙන්ම ඔහු මිය ගොස් ඇති අතර එක්වරම ඇති වූ අසනීප තත්වයක් මෙම මරණයට හේතු වූ බවට වාර්තා වේ.

කෙසේ වෙතත් පැය කිහිපයකට පසු ගුවන් යානය සිය ගමනාන්තය වන දෝහා බලා ගමන් කර ඇති අතර එම අවස්ථාවේ යානයේ මගීන් 163 දෙනෙකු සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version