ගුවන් යානයේදී අත් අඩංගුවට පත් ධානිස් අලිගේ පියා පුතා ගැන ආඩම්බරයෙන් කතා කරයි. (වීඩියෝ)

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවට කඩා වැඩි එහි විකාශන කටයුතුවලට බාධා කල බවට කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් යානයකදී අත් අඩංගුවට පත් MBA උපාධිධාරියෙකු වන ධනිස්  අලිගේ පියා ඔහු පිලිබදව සතුටු වන බවත්, සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම දුක් විදින බවත්, අපි ලග ජාතිවාදය නැතිබවත් අපි හැමෝම එකම රටක වැසියන් බවත්, තම පුතා අරගලයේ යෙදුනේ “ අපේ පවුලම නියෝජනය කරමින්” බවත් ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් ඔහු එහි යාමට තීරණය කලේ කිසිදු ආකාරයකින් රටින් පැන යාමට නොවන බවත් පුතා අත් අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසියෙන් 50 ක් විතර ඇවිල්ලා තමන්ගේ නිවස වටකර නිවස පරික්ෂා කලබවද සදහන් කරන ලදී.

 ඔහු කතා කලේ රටේ සියලුම මිනිසුන් වෙනුවෙන් බවත් තමන් ඒ ගැන ආඩම්බර වන බවත් සදහන් කරන ලදී.

Exit mobile version