වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් කෝටි 100කට වඩා වැඩි බවත් මෙම ණය මුදල සහ පොලි මුදල ගෙවූ විට ආයතනයට කිසිදු ලාභයක් නැති බවත් ය .
එමෙන්ම මෙම ගැටලුවට විසදුමක් ලෙස ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවත් ප්‍රකාශ කරන ලදී .