ගුවන් හමුදාධිපතිගෙන් කෝටිපති හාමුදුරුවන්ට පරිවාර රථයක් සමග කාර් එකක් .

තනියම නොහොත් ආත්මාර්ථකාමී දානයේ පලය කෙතරම් දරුණුද යත් මහ ජනතාව රජුට යුද්ධයකට ආරාධනා කරන පුවත අප කියවා තිබෙන්නේ “පියමතුරා” බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි “කොණ්ඩඤ්ඤ බමුණාගේ” විපස්සී බුදුන් කාලය දක්වා දිවෙන යුගයෙනි. විපස්සි බුදුරජාණන් වහන්සේගේ පියා වූ කොණ්ඩඥ්ඥ බමුණා තමන්ගේ පුතා දකින්න මහජනතාවට ඉඩ ලබා නොදීමත්, උන්වහන්සේට ධානය පිළිගැන්වීමට තියා මහජනතාවට බුදුන් වහන්සේ දැකිමටවත් ඉඩ ලබා නොදීම නිසා අග්‍රපුරෝහිතගෙ සිට දාශි වූ මහජනතාව  රජුට යුද්ධයකට අරාධනා කරන්නේ ආත්මාර්ථකාමී ලෙස ධානය පිරිනැමීම නිසාය. මෙට කල්ප 91 ට පෙර බන්ධුමති නම් වූ නගරයක මේ සිදු වූ මේ සිදුවීමත් සමගම මහජනතාවගේ කිපීම හමුවේ “ජනතාව ඉල්ලු සත්‍ය” දේ දීමට රජුට සිදු විය.   රටේ මහජනතාවට පීඩා කිරීමේ වරදට ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරීමට ජනතාව සමත් වුවත් වීම සහ මේ අතීත කතාව අතරේ යම් සමානතාවයක් තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ දූෂිත වන්නේ දේශපාලඥයන්ට වඩා රාජ්‍ය නිලධාරීන් බව ශ්‍රී ලාංකික ජනතාවගෙන් 80% ක් වත් තේරුම් ගෙන නොමැත.

මීට කල්ප 91 ට ප්‍රථමව සිදුව තිබෙන ඉහත කතාව තුල කියවෙන්නේ සංඝයා වහන්සේලාට එකල ජනතාව මෙන්ම රාජ්‍ය පාලකයන් කොතරම් ගෞරව කලේද යන්නයි. අප අද මේ ලියන කතාවත් එසේමය. මේ ලියන දේ ගෞරවයට කල දෙයක්ද, එසේත් නොමැති නම් වෙනත් පටු අරමුණකින් කල දෙයක්ද යන්න දන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති සහ ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පමණි.

මීට දින දෙකකට පමණ ඉහතදී කෝටිපති හිමිනමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන්පුර රෝහල වෙත පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේම නිසාන් ශිල්පි වර්ගයේ අධි සුපෝඛබෝගී කාර් රථයකිනි. ඊට අමතරව ගුවන් හමුදාධිපතිගේ අණ පරිදි ආරක්ෂක භටයන්ගේ ආරක්ෂාව සහිතව පරිවාර රථයක්ද ලබා දී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් සහ පහල නිලධාරීන්ට තිබෙන ගැටලුව වන්නේ උන් වහන්සේට බෙහෙත් ලබා දීම නොවේ. ලංකාවේ ලක්ෂ ගනනාවක් කෑම බීම බෙහෙත් නොමැතිව දුක් විදින බව පෙනෙමින් තිබියදීත් ඒවා දෙස අවධානය යොමු නොකර මෙවැනි කටයුත්තක් සිදුකලේ ඇයිද යන්න පමණි.  රාජ්‍ය මුදල් මෙන්ම ගුවන් භටයන් මෙසේ අවභාවිත කිරීමට නීතිමය බලයක් ගුවන් හමුදාපතිට නැත. නමුත් හාමුදුරුවන් වහන්සේලා වඩම්මවා සේවකයන්ගේ සුභ සාධනය වැනි කටයුතු කිරීමට හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය නිලධාරීන් පවතින රජයන් වලින් වරධාන  වරප්‍රසාධ ලබා ගැනීම සදහා භාවිතා කරන්නේ සංඝයා වහන්සේලාය. ඔවුන් මීට කල්ප 91 ට පෙර පමණක් නොව ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයද දැන් දැන් විකුර්ති කර තිබෙන්නේ ද බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස පෙනී සිටින කූට භික්ෂුන් විසිනි. අප ඔවුන්ව තව දුරටත් විග්‍රහ කරනුයේ නිඝ්න්ඨ නාථගේ ගෝලයන් ලෙසිනි.  

එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, හිටපු ගුවන් හමුදාධිපති සුමන්ගලගේ ඥාතියෙකු සමග ඖෂධ මාෆියාව කල හැටිද අපට මතක තිබේ. 2020 අවසාන භාගයේ කල් ඉකුත් වූ බෙහෙත් වර්ග ගුවන් හමුදාවේ නිලධාරීන්ට සහ භටයන්ට ලබා දුන්නේද මේ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක වේ. ඒවා උනේ කෙසේද යන්න තොරතුරු ලිඛිතවම අප සතුව තිබේ. ඒ පිලිබඳව අප මීට පෙරද වාර්තා කර තිබේ.   

එසේම ගුවන් හමුදාධිපති සමග අපට පුද්ගලික අමනාපයක් අපට නැත. පීඩිත ගුවන් භටයන් සහ නිලධාරීන් අපට තොරතුරු ලබා දෙන විට ඒවා පලකිරීමට අප නීතියට අනුව බැදී සිටි. එසේම හඬක් නැති මිනිසුන්ට හඬක් වන අපගේ මධ්‍යස්ත මාධ්‍යකරණය ක්‍රියාත්මක වනුයේ සාධක මත පමණි.  ගුවන් හමුදාධිපති දැනගන්ත යුත්තේ ඔහුගේ ක්‍රියාකලාපය තුල යම් වරදක් තිබෙන බවත් ඒවාට සමස්ත ගුවන් හමුදාවේ 95% ක්ම විරෝධය දක්වන බවත් පමණි. අප දිගින් දිගටම ලිවීමේදී වත් ගුවන් හමුදා සමාජයට සිදුවන වැරදි අඩුපාඩු සකසන්නේ නැති නම් අපටද කල හැකි දෙයක් නැත.

එසේම පවතින නීතින් වලට පිටින් වැඩ කිරීමෙන් මෙවැනි කාරණා සිදුවන අතර මාධ්‍යවේදී තරිඳුට එරෙහිව සිදු කලේද ආරක්ෂක අංශවලට කල නොහැකි කරුණකි.  එපමනක් නොව ගරු අධිකරණයක් විසින් වත් එවැනි කාරනා පිලිබදව මාධ්‍ය වේදීන්ගෙන් විමසනුයේ ඉතාම අරක්ෂිතවය (මාධ්‍ය කටයුතු පමණි)

. එසේම අප මාධ්‍ය ආයතනයට අයත් මෙම වෙබ් අඩවිය ගැන පරික්ෂාකිරීමටද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට ද ඔහු යොමු කරන්නේ පවතින නීතිය පිලිබදව දැනුවත් නොමැති නිසාය. ඕනෑම සිද්ධියක් නිරීක්‍ෂණයට සහ වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අයට ICCPR යටතේ ආරක්‍ෂාව හිමිවේ. එයට අනෙකුත් සියලුම දෙනා සහයෝගය දිය යුතුය. (ICCPR යනු, 1966 දී සම්මතකරණ ලද ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුමක් වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය වේ.)

එබැවින් “ සමාජයේ මුරබල්ලා” ලෙස ජාත්‍යන්තරව පිළිගත් මාධ්‍යකරනය අප සිදුකරන්නේ සමාජයක් සුරැකීමට වන අතර එයින් සමාජය විනාශ කරන පුද්ගලයන්ට අප පිලිබඳව යම් තරහවක් මෙන්ම වෛරයක් ඇති වීම වැලැක්විය නොහැකිය. නමුත් ඔවුන්ටද යම් අසාදාරණයක් සිදු වුවහොත් එක හෙලාම එයට විරුද්ධව ලිවීම පමණක් නොව ඔවුන් වෙනුවෙන් අදාළ බලධාරීන්ට කතා කරන්නේද අපමය. එබැවින් කවුරු කවුරුත් නොපමාව කුසල් රැස් කල යුතුය. නමුත් ආත්මාර්ථකාමී ලෙස කුසල් රැස් කරන්නේ නම්, යටි අරමුණු තබාගෙන කුසල් රැස් කරන්නේ නම් “ කොණ්ඩඤ්ඤ” බමුණාට සිදු වූ දෙයට පරිභාහිරව කිසිදා නොසිතු දේවල් සිදුවිය හැකිය.

එසේම අප සෑමදිනකම ලියන්නා සේ ගුවන් හමුදාව යනු මහත්වරුන්ගෙන් ගහන හමුදාවකි. රටේ  වාසනාවට ඉතාම හොද ගති ගුණ ඇති මෙන්ම භටයන් සහ නිලධාරීන් දෙස පියවරුන් සේ බලන සහ කටයුතු කරන දෙවිවරුන් වැනි නිලධාරීන් මෙන්ම භටයන්ද සිටී. ගුවන් හමුදාවට අදාළ මී ලග ලිපි – බලාපොරොත්තුවන්න.

  1. ගුවන් හමුදා පොලිසිය බලහත්කාරයෙන් විවාහක නිවාසයක් පරික්ෂා කිරීම. ( ජයාරූප සහිතවම)

ඉහත සිද්ධිවලට අයත් සියලුම ලිපි අප මේ වනවිටත් සකසා අවසන්ව තිබේ. නුදුරේදීම එම ලිපි බලපොරොත්තුවන්න.

Exit mobile version