ගුවන් හමුදාධිපතිගෙන් තවත් ගෝත්‍රික වැඩක්. රටේ නීතියට පයින් ගහයි. ගුවන් හමුදා පොලිසිය නීතිවිරෝදී ලෙස විවාහක නිවාසයකට කඩා පනී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ විවාහක නිවාසයක් වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදා පොලිසියෙන් කඩ වැදීමේ පුවතක් අපට වාර්තා වන්නේ මීට මාස කිහිපයකට පෙරය. ඊට පෙර කොවිඩ් සමයේද වර්තමාන ගුවන් හමුදාපති යටතේම කටුනායක විවාහක නිවාසයකටද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පොලිස් අංශයේ 20 ක් පමණ කඩා වැදී තිබේ.  ඉන් එම නිවසේ සිටි දරුවන් සහ ගුවන් භටයාගේ බිරිඳද තවමත් කම්පනයෙන් ජීවත් වෙති. එසේම ගුවන් හමුදාවේ විනයාරක්ෂක අධ්‍යක්ෂකයේ විනය විරෝදී පොලිස් භටයන්ගේ විස්තරද ඇතුළුව  එම සියලු පුවත් අද සිට දිනකට එක බැගින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ හොඳම සයිබර් ප්‍රහාරකයන් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බැවින් අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර එල්ල කල හැකිය. නමුත් ගුවන් හමුදා පරිගණක ශිල්පීන් වෙනත් රටක IP හරහා හෝ වෙනත් ඕනෑම ආකාරයක සයිබර් ප්‍රහාරයක් එල්ල කලත් ඒවා ඉතාම හොඳින් හදුනා ගැනීමට අවශ්‍ය සියලුම උපක්‍රම අප මේ වන විටත් භාවිතා කරමින් සිටී. එබැවින් ගුවන් හමුධාධිපති වෙනුවෙන් තොරතුරු තාක්ෂනික අධ්‍යක්ෂකයට හැකියි අපට ප්‍රාහාර එල්ල කිරීමට. අප දැන් එයට සූදානම්ව සිටි.

සිද්ධියට අදාල විවාහක නිවාසයට නීතිවිරෝදී ලෙස හමුදා පොලිස් භටයන් පැමිණ තිබීම සහ එම නිවසෙහි බොහෝ ස්ථාන දිරාපත්ව තිබෙන අයුරු

මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නීති විරෝදී ලෙස ඉවත්කරන ලද  පර්ඝණක ශිල්පීන් ඇතුළු 51ක් පමණ තමන්ට සිදු වූ අසාධාරණය අප වෙත ලියා ඒවා තිබෙන අතර වාර්තා නොවන ප්‍රමාණය ඊටත් වඩා වැඩි බව ගුවන් හමුදාවේ අභ්‍යන්තර තොරතුරු මගින් අපට අනාවරණය වී තිබේ. එසේම අප මේ වන විට ඔවුන්ගෙන් තමන්ට වූ අසාධාරණයන් පිලිබඳව වීඩියෝ සාක්ෂි ගනිමින් සිටී. එසේම ගුවන් හමුදාවේ නීතිවිරෝදී කටයුතු හේතුවෙන් පරිගණක ශිල්පීන් ඇතුළු සිය ගණනක් තමන්ගේ ගිවිසුම් ගත කාලය පමණක් අවසන් කර ගුවන් හමුදාවෙන් ඉවත්ව ගොස් තිබේ. ඔවුන්ගෙන්ද විශාල ප්‍රමානයක් මේ වන විට අප සමග සම්බන්ධව සිටි. එය රටට ආදරය කරන ගුවන් හමුධාපතිවරුන් හෝ අනෙකුත් නිලධාරීන්ට මෙන්ම රාජ්‍ය ආරක්ෂාවට ගැටලුවකි. හමුදා සේවකයෙකු හමුදාවෙන් සිදුවන අකටයුතුකම් නිසා වෛරයෙන් ඉවත් වීම හමුදා රහස් වෙනත් නුසුදුසු කණ්ඩායම් අතට පත් වීම ජාතික අරක්ෂාවට දැඩි ගැටලුවකි. කල යුත්තේ වැරදි කරන පුද්ගලයන්ට දඩුවම් ලබා දී නැවත එවැනි වැරදි නොකරන තත්වයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමයි. නමුත් එසේ කිරීමට ගුවන් හමුදාපතිට අවශ්‍ය නැතිනම්  ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක මණ්ඩලය හෝ ඒ වෙනුවෙන් කතා කතා කිරීමට කොන්දක් තිබිය යුතුය.  නමුත් මේ තත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල නාවික හමුදාව තුලින් වාර්තා නොවේ. ඔවුන්ගේ පරිපාලනය විශිෂ්ඨ ලෙස සකසා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ විවාහක නිවාසයක පදිංචිව සිටි ගුවන් භටයෙකු සේවය කර තිබෙන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තුලයි. ඔහු යම් වරදක් කර තිබෙන අතර එම වරද කිරීමට උපදෙස් දී තිබෙන්නේ සහ එය කිරීමට අවශ්‍ය පදනම සැකසෙන්නේ ද රත්මලාන ගුවන් කඳවුරේ විවාහක නිවාස භාරව සිටින නිලධාරියා නිසාය. ඔහු එම ගුවන් භටයාට විවාහක නිවසක් ලබා දී තිබේ. එසේ ලබා දී තිබෙන්නේ පදිංචියට නුසුදුසු විවාහක නිවාසයකි. විවාහක නිවාස අලුත් වැඩියාවට සහ ඒවා යහපත්ව පවත්වාගෙන යමින් නඩත්තු කිරිමට භටයන්ගෙන් සහ නිලධාරීන්ගේ වැටුපෙන් 10% ක් රජයට අය කර ගනී. එම මුදල්වලින් ඒවා නඩත්තුකර තමන්ගේ පවුල සමග ජීවත් වීමට අවශ්‍ය කටයුතු කල යුත්තේ ගුවන් හමුදාපති වේ. මේ ආකාරයෙන් සිවිල් වැසියන් ජීවත් වන පරිශ්‍රයකට ඇතුලත් වීමට ගුවන් පොලිස් භටයන්ට නීතියෙන් අවසට නැති අතර සිවිල් වැසියන් ජීවත්වන පරිශ්‍රයන් පරික්ෂා කිරීමට අවසර දීමට ගුවන් හමුධාපතිටද බලයක් නැත. ඔහු එයවත් නොදන්නේ නම්, සමහර ගුවන් හමුදා බලධාරීන්ගේ හැසිරීම ගෝත්‍රිකයන් නූගත් පුදගලයන්ගේ හැසිරීම් හා සමාන බව පහත වීඩියෝද  සාක්ෂි දරයි .  

ගුවන් හමුදා භටයෙකු ජනතාවට ආදරයෙන් කතා කරන අවස්ථාවක්

රටේ ඩොලර් නැති අවස්ථාවේ ආරක්ෂක ලේක්ම්ටද පිටින් යමින් ගෝඨාගේ අත්සනින් ඩොලර් අසු දහසකට ආසන්න රජයේ මුදල් වලින් සැප වාහනයක් ගෙන්වා UN යැවීමට කියූ ගුවන් හමුදාපති තමන්ගේ වරද තියාගෙන ගුවන් භටයන්ට ජීවත් වීම සදහා අවශ්‍ය පහසුකම් වෙනුවට ඔවුන් ගුවන් හමුදාවෙන් පලවා හැරීමේ නින්ධිත ක්‍රියාවලියට වග කිව යුත්තේ ආත්මාර්ථකාමී මිනිසෙකු නිර්මාණය කල පුද්ගලයන්ය.

මෙම ගුවන් භටයා තමන්ට ලබා දුන් කැඩී, බිදී ජරාවාස වූ විවාහක නිවාසය අලුත්වැඩියා කරගැනීම සදහා තමන්ගේ මුදල්වලින් සහ වෙනත් විවිධ ක්‍රමවලින් එම නිවස අලුත්වැඩියාවට භාණ්ඩ රැගෙනවිත් තිබේ. ඒවා සියල්ලම භාවිතා අකර තිබෙන්නේ ගුවන් හමුදාවට නොහොත් රජයේ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමටය. කෙසේ හෝ ඔහුට චෝදනා පත්‍රයක් ලබා දී නීතිවිරෝදී නඩු විභාගයක්ද පවත්වා ඔහු නීතිවිරෝදී ලෙස ගුවන් හමුදාවෙන් ඉවත් කර තිබේ. එසේ ඉවත් කිරීමේදී ඔහුගේ ජාතික හැදුනුම්පතද ගුවන් හමුදාව භාරයට ගෙන තිබෙන අතර ඔහුට වෙනත් රැකියාවකටවත් යාමට නොහැකිව තිබේ. ඔහු ඒ පිලිබඳව CIB/03/ 97/222 අංකය යටතේ 2022 07 28 වැනි දින ගල්කිස්ස පොලිසියට පැමිණිලිකර තිබේ. එසේම තමන්ට සිදු වූ අසාධාරනය පිලිබඳව  2022 08 22 වැනි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට ද පැමිණිලිකර තිබේ.  

ගුවන් හමුදාවේ භටයන්ගේ තවත් හැසිරීමක්

ශ්‍රී රාවණා සටහන

අප දිගින් දිගටම රාජ්‍ය ආයතනවල වැරදි ලියමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව විනාශ කිරීමට දායක වූ පළමු චුදිතයන් වන්නේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් බැවිනි. ඊට අමතරව තීන්දු තීරණ ගන්නා රාජ්‍ය සේවයේ සියලුම දෙනාද වගකිව යුතු බවද අප පෙන්වා දී තිබේ. ඒවාට හේතුද පෙන්වා දී තිබේ. නමුත් එම රාජ්‍ය ආයතනවල බලධාරින් තවමත් තම වැඩකටයුතු කරගෙන යන්නේ අපට “නීතිය වැඩක් නෑ”  යන ගෝත්‍රික යුගයේ සංකල්ප වලින් සුඛිත, මුඛිත වෙමිනි. රාජ්‍ය ආයතන පිහිටුවන්නේ ජනතාවට සේවය කිරීමට විනා තමන්ගේ නීතිවිරෝදී ක්‍රියාවන් එම රාජ්‍ය ආයතනවලින් සිදු කිරීමට නොවේ. නීතියට අනුගත වීමට නම් ඔවුන් නීතිය දැනගත යුතුය. ඔවුන් නීතිය නොදන්නේ නම් ඔවුන්ද රාජ්‍ය සේවයට නුසුදුසුය. රාජ්‍ය ආයතන බලාධිකාරින් ලෙස පාර්ලිමේන්තු පනතකින් සම්මතව ගොඩනගන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක හමුදාවන් ස්ථාපනය වන්නේ එසේ සම්මතකර තිබෙන පනත් මගිනි.

ගුවන් හමුදා නිලධාරියෙකුගේ තවත් නීතිවිරෝදී වැඩක්

ශ්‍රී ලංකාවේ ඉහලින්ම තිබෙන නීතිය වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේ. ඉන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහය සමග බැදී තිබෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහයද තිබේ. ඒ සමගම එම පනත් වලින් යම් වගන්තියක් යම් පුද්ගලයෙකු හෝ බිමා දමා තිබේ නම් සාක්ෂි නීතිය ක්‍රියාත්මක වන අතර සාක්ෂි නීතිය අනෙකුත් සියලුම අණ පනත් සමග කියවිය යුතුය. ඒවායින් පසුව අනෙකුත් බලාධිකාරින් නොහොත් පාර්ලිමේන්තු පනත් මගින් සම්මත කර පිහිටුවා තිබෙන පනත් ක්‍රියාත්මක වන අතර ඒවා ක්‍රියාත්මක විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හානි නොවන ලෙසයි. යම් රාජ්‍ය නිලධාරියෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම කටයුතු සිදුකර තිබෙන්නේ නම් ඔහුට විරුද්ධව සෘජුවම අපරාධ නඩුද පැවරිය හැකිය. එය ගුවන් හමුදාධිපතිට පමණක් නොවේ ඕනෑම බලපුළුවන්කාරකම් තිබෙන රාජ්‍ය නිලධාරින්ටද පොදුය.

අයියේ සුදු අයියේ ගහන්න එපා. සිවිල් ජනතාව ත්‍රස්තවාදීන් ලෙස දුටු  ගුවන් හමුදාවේ තවත් භටයන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනු ගුවන් හමුධාධිපතිගේ, නීති අධ්‍යක්ෂකගේ හෝ ගුවන් හමුදාපතිගේ පරිපාලන නිලධාරියාගේ පෞද්ගලික බූදලයක් නොවේ. රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන් ඒවා සදහටම මහජන ගරුත්වයට ලක්ව තිබිය යුතුය. පියවරුන් නොමැතිව හැදී වැදුණු, දුක් විඳ යම් තැනකට පැමිණි පසුව තමන්ට විවාහ දිවියක් නොමැති වුවත් මානව වාදී ලෙස කටයුතු කරමින් ගුවන් හමුදාවේ කීර්ති නාමය ආරක්ෂා කරමින් ඔවුන්ද දිනයක ගුවන් හමුදාවෙන් විශ්‍රාම යා යුතුය. ගුවන් හමුදාවේ පරිපාලන නීතියට පෙර ඔවුන් රටේ නීතිය උගත යුතුය. ගුවන් හමුදාවේ පරිපාලන නීතිය ක්‍රියාත්මක වියයුත්තේ රටේ නීතියට හානි නොවන ලෙසය. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට අවශ්‍ය දේ නම් එයින් පෙන්නුම් කරන්නේ ගුවන් හමුදාවේ බහුතරයක් නිලධාරීන් නූගතුන් බවයි. ගුවන් හමුදාවට නීතිවේදීන් බදවාගෙන ඔවුන්ට වැටුප් ගෙවමින් තියාගෙන ඔවුන් රූකඩ සේ ක්‍රියාත්මක කර තිබෙන්නේ නම් කියවෙන්නේද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායකයා ගෝත්‍රික නොහොත් නූගත් ම්ලේච්ච නීතිවිරෝදී හමුදාවක නාම මාත්‍රික හමුදාපතිවරයෙකු බවයි. නමුත් අනෙකුත් හමුදා දෙකෙන්ම මෙවැනි පරිපාලනමය වශයෙන් ම්ලේච්ච නූගත් තත්වයන් වාර්තා නොවේ.

එම සිද්ධිය ඉතාම කෙටියෙන් සදහන් කර තිබෙන අතර මෙසේ ගුවන් භටයන් ඉවත් කිරීමට ගුවන් හමුදාධිපති සහ ගුවන් හමුදාධිපතිගේ පරිපාලන නිලධාරියා තීරණය කිරීම වැරදි බව සටහන් කරන අතර අතීතයේ මෙසේ අසික්ඛිත ලෙස නීතියට පයින් ගැසූ “කපුටා” නමැති අන්වර්ථ නාමයන්ගෙන් හැදින් වූ පුද්ගලයා මෙන්ම තවත් නිලධාරීන් ගනනාවකට විශ්‍රාම ගිය පසු සිදු වූ අවාසනාවන්ත සිද්ධීන් හොදින් මතක් කරගන්නා ලෙස අප ඕනෑකමින් ඔබට මතක් කර සිටිමු. අප ඉන් අදහස් කරනුයේ ඔබලාගේ නීතිවිරෝදී ක්‍රියාවන් නිසා රැකියාව අහිමිව  ඔබලාට වෛර කරනා පුද්ගලයන් ගනනාවක් මේ වන විටත් සමාජය තුල සමජා ගතව සිටීම ඔබලාට හානියක් බවයි.

Exit mobile version