ගුවන් හමුදාධිපති එයාර් වයිෂ් මාෂල්වරුන්ට “ගෑස් පෙන්වයි”. ජනාධිපති රනිල්ව එපා කරවන මෙහෙයුම අරඹයි.

ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ විශ්‍රාම ගොස් සිටින  විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල්වරු වෙත ගුවන් හමුදා කදවුරුවලින් ඉන්ධන ලබා දීමේ ඉතා හොඳ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන අතර මුදල් ගෙවා ඒවා ලබා ගැනීමට ඉතාම හොඳ පහසුකමක් ලබා දී තිබේ . එය ඉතාම හොඳ ක්‍රියාවකි.

නමුත් එම හොද ක්‍රියාව නොහොත් “ කිරි මුට්ටියට” , “ගොම බින්දුවක්” එක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය කඩ කරමින් සක්‍රීය සේවයේ  සිටියදී ඔහුත් සමග පුද්ගලිකව අමනාපව සිටි එයාර් වයිෂ් මාෂල්වරු 4 දෙනෙකුට ඉන්ධන ලබා නොදීමට තීරණය කර තිබේ. ඒ පිලිබදව බොහෝ කරුණු අප වෙත වාර්තා වන නමුත් බලය ලැබෙන විට “අදුරුවන දෙනෙත් විවර කරගැනීමට” ඔවුන්ට නොහැකි බව පැහැදිලිය. එසේම ගුවන් හමුදාවේ බහුතරයක් නිලධාරීන් මෙන්ම ගුවන් භටයන්ගේ තත්වයද අප ඉතාම හොදින් දැනගෙන සිටි.

යමෙක් විශ්‍රාම ගිය විට, විශ්‍රාම ගිය පුද්ගලයන් එම ආයතනයේ ගරුත්වය වෙනුවෙන් නිතැතින්ම පෙනී සිටී. නමුත් නීති විරෝදී වැඩ කිරීමේදී ඒවාට විරුද්ධ වීමටද විශ්‍රාමිකයන් කටයුතු කරන්නේ අති බහුතරයකට හරි වැරැද්ද පෙනෙන්නේ හමුදා සේවයෙන් ඉවත් වූ පසුව බැවිනි. මෙසේ ඉන්ධන ලබා දී තිබෙන ලේඛනයේ ගුවන් හමුදාව කටුනායකින් 4ක්, ගුවන් හමුදාව රත්මලානෙන් 9ක්, සහ ගුවන් හමුදාව කොළඹින් 20 ක් ද ලෙස ඉන්ධන ලබා දීම සදහා ලැයිස්තු ගත කර තිබේ. එසේ ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලුම්පත් යොමුකර තිබෙන තුය්යාකොන්තා, වැලිකල, KFR ෆර්නැන්ඩු සහ බන්ධුල හේරත් යන විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල්වරුන්ගේ නම් ඉවත් කර තිබේ. මෙය මෙසේ වුයේ ඇයිද යන්න SO ප්රෝටෝකොල්ගෙන් ඔවුන් විමසා තිබෙන අතර ඔහු විවිධ ප්‍රකාශ කර තිබේ. නමුත් ඔහුට මෙවැනි දේවල් වලදී ගුවන් හමුදාධිපති කියන දෙය හැර වෙනත් යමක් කල නොහැක. මෙය සහමුලින්ම සුබසාධන කටයුත්තකි. ඒවා එසේ කිරීමට නීතිමය වශයෙන් ගුවන් හමුදාධිපතිට බලය තිබේ. නමුත් වරද නම් 4 දෙනෙකුගේ නාමයන් ඉවත් කර තිබීමයි.

ගුවන් හමුධාධිපතිගේ පලිගැනීම් මෙන්ම ඔහුගේ පරිපාලනමය සහ නීතිවිරෝදී කටයුතු නිසා ගුවන් භටයන් ගනනාවක් සේවයෙන් නෙරපා හැර තිබෙන අතර බොහෝ දෙනෙකු මානවහිමිකම් කොමිෂමට පැමිණිලි කර තිබේ. තවත් සමහරු සෘජුවම නඩු පවරා තිබේ. යමෙකුගේ යම් වරදක් නිසා ඔහුගේ රැකියාව අහිමි කිරීමට තමන්ගේ අත්සන යොදන විට ඔවුන් නිවැරදි මගට ගැනීමට දැක්මක් සැකසීමටවත් නොදත් ගුවන් හමුදාවේ සමහර නායකයන්ට තමන් කරන්නේ අපරාධයක් බැව් නොදැනීමද රටේ කරුමයකි. නමුත් ඔවුන්ට රට ගැන වැඩක් නැත.

 රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ ලගම හිතවතෙක් වන ඔහු ගුවන් හමුදහිපති බවට පත්වන්නේ ගෝඨාභය නිසාය . ගෝඨාභයගේ දුෂ්ඨ පාලනයට එරෙහිව හඩ නැගු සියලුම දෙනාගෙන් ඔහු පලිගැනීමක නිරතවන අතර පසුගිය 22 වැනිදා ගුවන් හමුදා නිලධාරීන් විසින් ජනතාවට පන්නා පන්නා පහරදීමද ඔහුගේ සැලසුමක් වන අතර මැයි 9 වැනිදා ප්‍රහාරයටද ඔහු වගකිව යුතුය. සමහර විට පසුගිය 22 වැනිදා සිදුවන්නේ ගෝඨාභය නැති වේදනාව සහ  ශෝඛය නිසා සිදු වූ පහර දීමක් විය හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද කිසිම විටක පහරදීමක් ගැන කතා නොකළ අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමක් ගැන පමණක් කතා කළේය. එයින් කියවෙන්නේ එම පහරදීම ජනාධිපතිවරයාද අනුමත නොකරන බවයි. ගෝඨාභයට එතරම්ම ඔහු “ආදරේ නම්” , “ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වන ලකුණු” ලෙස මැයි මස 28 වැනිදා අප පලකල ලිපිය හෝ ඔහුට පෙන්වීමට තිබුණි. (එම ලිපිය පහලින්)

වර්තමාන ගුවන් හමුධාධිපතිගේ මෙම අක්‍රමවත් පරිපාලනය නිසා සමස්ත ශ්‍රී ලංකාවම ත්‍රිවිධ හමුදාවට තිබු ගරුත්වයට “තිත” තබා තිබේ. පසු ගිය 22 වැනිදා ප්‍රහාරය නිසා එය සිදු විය. මෙම විශ්‍රාමික නිලධාරීන්ගේ ඉල්ලුම්පත් ඉවත්කලේ ඇයිද යන්න හේතුව අප වෙත ලැබී තිබේ. එය අප ඉදිරියේදී පලකිරීමට කටයුතු කරමින් තිබේ. වර්තමාන ගුවන් හමුදධිපතිද තව නොබෝ දිනකින් හෝ මාස කිහිපයකින් හෝ තනතුර අත්හැර යාමට සිදුවනු ඇත. එසේ විශ්‍රාම ගියත් පසු ගිය 22 වැනිදා සිදු වූ ප්‍රහාරයට වගකීමෙන් ගැලවී යාමට නොහැකිය. මේ වන විටත් ඔහුට විරුද්ධව ජිනීවා වෙත පැමිණිලි කර තිබේ. බලයෙන් ඉවත් වූ විට ඔහු ද තනිවන අතර ඔහුට උදව් කිරීමට සිටින්නේ මේ විශ්‍රාම ගිය පුද්ගලයන් පමනක් වේ. එය මනාව තේරුම්ගෙන කටයුතු කිරීමට ඔහු සතු කාර්යයකි. එවිට ඔහු වෙනුවෙන් කතාකිරීමට සිටින්නේ විශ්‍රාමික නිලධාරින් මෙන්ම ගුවන් භටයන් පමණි . එදිනට සුමංගල ඩයස් ඔහු සොයා එන්නේද නැත. එදිනට අපද ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ යහපත් ලෙස තම කටයුතු සිදුවන්නේ නම් පමණි. නමුත් මේ වන තෙක්ම ඔහුගේ කටයුතු සිදු වන්නේ නිසි ලෙස නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ නොවන බවට හේතු ගනනාවක්ම අප සතුව තිබේ. එබැවින් අමු අමුවේම මිනිසුන්ගෙන් පළි නොගෙන කටයුතු කරන්නේ නම් වඩාත් උචිත වේ.

එබැවින් වර්තමාන ජනාධිපතිවරයාගේ උත්සාහයට ප්‍රතිවිරෝදී ලෙස කටයුතු කරමින් විශ්‍රාමිකයන්ගෙන් පලිගැනීම් නොකර, නිරපරාදේ ගුවන් භටයන්ගේ රැකියා අහිමි නොකර මානව හිතවාදී පාලනයක් කරා ගුවන් හමුදාව යොමුකරන්නේ නම් අපගේ අකුරු ලියවෙන්නේ ඒ වෙනුවෙනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉරණම ගැන මාස කිහිපයකට පෙර අප වාර්තා කල අකාරය

https://www.ravanalankanews.lk/11570/05/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b6%a9%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%a7-%e0%b7%80%e0%b7%96-%e0%b6%af%e0%b7%9a%e0%b6%b8-%e0%b7%80/51/10/
Exit mobile version