ගුවන් හමුදාධිපති පිස්සු කෙලිද්දී නාමල් රාජපක්ෂගේ රහස් එලියට එයි.

පවතින වාතාවරණය හමුවේ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ද, ජනාධිපතිද ආරක්ෂා කිරීම ආරක්ෂක අංශවල වගකීම වේ. පවතින වාතාවරණය තුල ජනතාව කුපිත නොකර රාජකාරී කටයුතු කිරීමට මෙන්ම තර්ජිත පුද්ගලයන්ගේ ආරක්ෂාව රහසිගතව සිදු කිරීම ඔවුන්ගේ වගකීම වේ.

නමුත් අද උදෑසන නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ සහ දරුවා රැගත් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ත්‍රිකුණාමලය වෙත ගමන් කල බව සමාජ මාධ්‍යවල සදහන් වේ. එසේම වීඩියෝ එකක්ද යු නාලිකාවල ප්‍රචාරය වෙමින් පවතී.

ඒ සමගම නාමල් රාජපක්ෂ මහතා ගුවන් හමුදා ආරක්ෂාව මැද ත්‍රිකුණාමලය මාබල් බීච් නැමති කොටසක සිටින බවද, නාවික හමුදා ආරක්ෂාව මැද බෝට්ටුවකින්  රටින් පලා යාමට සැලසුම් කර තිබෙන බව ද ප්‍රචාරය වෙමින් තිබේ.

මරණයට කැප වූ මිනිසුන් බේරා ගැනීම අප සැමගේ යුතුකම සහ වගකීම වේ. යුධ හමුදාපති දැඩි වෙහෙසක් ගනිමින් ජනතාව පාලනය කිරීමට කටයුතු කරමින් සිටි.  ඔවුන් ආරක්ෂා කිරීමේ කටයුතු ජනතාවට නොදැනෙන කිරීමටවත් ගුවන් හමුදා බලධාරීන්ට නොහැකි නම් මෙරට ජනතාවට සිදුවන්නේ කුමක්ද?. සිදුකල යුතුව තිබුනේ හොර රහසින්ම සිදුකල යුතු දේවල් සිදු කිරීමයි. එසේ නොමැතිව තමන් ගුවන් හමුදාපති, තමන්ට ඕනා දෙයක් සිදුකිරීමට බලය තිබේ යන උන්මත්තක ස්වභාවයෙන් හෝ උඩඟු අකාරයෙන් සිතීමෙන් සහ කටයුතු කිරීමෙන් සිවිල් අරගලය සිවිල් යුද්ධයක් බවට පත් වේ.  එසේ වුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න ඩොලර් 77000 ක් වියදම් කරමින් එක්ෂත් ජාතීන්ගේ සාමසාධක හමුදා සේවය සදහා ගෙන් වූ සැප වාහනයෙන්ම හඳුනාගෙන තිබිය යුතුය.

කෙසේ වුවත් මෙම පුවත මේ වන විට සමාජය තුල සැරිසරමින් තිබේ. ඔවුන් ත්‍රිකුණාමලයේ සැගවී සිටින්නේ නම් ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමේ වගකීම ඇත්තේ ගුවන් හමුදාධිපතිටම වේ.

https://m.facebook.com/dasathalankanews/videos/1675889026107457/

Exit mobile version