ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව උතුරු පළාතේ තෝරා ගත් පාසල් හැත්තෑ තුනක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. එයින් ශ්‍රී ලාංකික දමිළ ජනතාවට ශ්‍රී ලාංකික හමුදාවල් වලින් තිබෙන සහෝදරත්වය සහ දකුණේ සිංහල ජනතාවගේ තිබෙන ගෞරවය සහ බැඳිම මනාව පෙන්වා තිබේ.

එසේම දමිළ ජනතාවද ලංකාවේම සහෝදර කොටසක් බව අතීතයේ සිටම පෙන්වීමට ලාංකික හමුදාවන් සමත් විය. ⁣කෙසේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දමිළ ජනයා සතුව හෝ සාමාන්‍ය සිංහල හෝ මුස්ලිම් ජනතාව අතර කිසිම ආරවුලක්, වියවුලක් තිබුණේ නැත. ආරවුල් ඇති කලේ උතුරේ මෙන්ම දකුණේද ද්‍රෂිත දේශපාලන නායකයන් සහ දුෂිත රාජ්‍ය සේවය විසිනි.

කෙසේ වෙතත් විවිධ යුධ අපරාධ චෝදනා ලාංකික හමුදාවන්ට එල්ල වුවත්, එම අපරාධ කර තිබේ නම් ඒවාට වගකිව යුත්තේ ඒවා කල හමුදා නිළධාරීන් හෝ භටයන් පෞද්ගලිකවය. ඒ හැර සමස්ථ ශ්‍රී ලාංකික හමුදාවන් ටම ඒ වෙනුවෙන් චොදනා කිරීම ජාත්‍යන්තරය කරන වරඳක් වුවත් ඒවා පෙන්වීම වෙනුවට අප රටේ දේශපාලන නායකයන් සිදු කලේ සමස්ථ හමුදාවන්ම පාවා දීමය.

එවන් පමුබිමක් තුල මෙවර පැවැත්වෙන 73 වැනි ගුවන් හමුදා සංවත්සරය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී ඊයේ (02 වැනිදා) සමරන ලද බව විවිධ පුවත් පත් මෙන්ම , වෙබ් අඩවිද වාර්තා කර තිබේ.

මෙම 73 වැන සංවත්සරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන අරමුණු 17හි ඇතුළත් ගුණාත්මක අධ්‍යාපනය සහ පාරිසරික තිරසාරත්වය යන අරමුණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බවද වාර්තා වේ.

ඒ අනුව ප්‍රජා සංවර්ධන වැඩසටහන් පෙළක් “Wings of Friend ship” තේමාව යටතේ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර එයින් උතුරු පළාතේ පාසල් දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත්, මූලාශ්‍ර පොත්, ඉංග්‍රීසි දැනුම වර්ධනය සඳහා උපකාරක පොත් ඇතුළු පොත් හැත්තෑතුන්දහසක් “මගෙන් පොතක් උතුරට” වැඩසටහන නමින් තෝරාගත් පාසල් සඳහා පරිත්‍යාග කිරීමටද පියවර ගෙන තිබේ.

මෙවර ගුවන් හමුදා සංවත්සරයේ විවිධ චෝදනා රාශියක් අප වෙත ලැබී තිබේ. ගුවන් හමුදාපතිවරයාගේ මෙම ක්‍රියාවලිය පිළිබඳව විවිධ ගැටළු තිබුණත් අප සොයා බැලුවේ එක්ෂත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ක්‍රියාවලියේ අරමුණු 17 ට අනුව මෙම සැමරුම සිදුවන්නේද යන්න සොයා බැලීමයි.

2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කළහ.

එම සංවිධානයේ අරමුණු 17 කුළුණු 5 කින් බෙදා වෙන්කර ගත හැක. ඒවා නම් 🎈 මිනිසුන්, 🎈 ලෝක⁣ය 🎈 සමෘද්ධිය 🎈 සාමය සහ 🎈 හවුල්කාරීත්වය යි.

ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට මාවතක් සකස් කළහ. “ 2030 න්‍යාය පත්‍රය” ලෙස සඳහන් මෙහි මුලික කරුණු 17 (SDGs) මඟින් අපට අවශ්‍ය ලෝකය ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇත. කිසිවෙක් මග නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළවේ.

මිනිසුන්

දරිද්‍රතාවයෙහි සියලුම ආකාර මානයන් තුරන් කිරීම සහ සාගින්න තුරන් කිරීම, සියලු දෙනාම අන්තර්ගත වූ සියලු මිනිසුන්ට හිතකර පරිසරයක් තුළ ගෞරවයෙන්, සමානාත්මතාවයෙන් යුතුව තම හැකියාවන් සපුරාලිය හැකි අයුරින් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිම

ලෝකය

තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය, ලෝකයේ ස්වාභාවික සම්පත් තිරසරව කළමනාකරණය කිරීම සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් හදිසි පියවර ගැනීම මඟින් වර්තමාන හා අනාගත පරපුරේ අවශ්‍යතාවයන්ට සහාය විය හැකි වීමෙන් පෘථිවිය පිරිහීමෙන් ආරක්ෂා කිරීම සඳහා.

සමෘද්ධිය

සියලු මනුෂ්‍යයන්ට සමෘද්ධිමත් හා තෘප්තිමත් ජීවිත භුක්ති විඳිය හැකි බව සහ ආර්ථික, සමාජීය හා තාක්‍ෂණික ප්‍රගතිය ස්වභාවධර්මයට අනුකූලව සිදු වන බව සහතික කිරීම සඳහා.

සාමය

භීතියෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී, යුක්ති සහගත සහ සියලු දෙනා අන්තර්ගත වු සමාජයන් බිහි කිරීම සඳහා. සාමය නොමැතිව තිරසර සංවර්ධනයක් හෝ තිරසර සංවර්ධනයක් නොමැතිව සාමයක් තිබීමට හැකියාවක් නැත.

හවුල්කාරිත්වය

මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට, තිරසර සංවර්ධනය සඳහා වන පුනර්ජීවනය වූ ගෝලීය හවුල්කාරිත්වයක් තුළින් අවශ්‍ය ක්‍රමවේද බලමුලු ගැන්වීම අත්‍යාවශ්‍ය වේ. දරිද්‍රතාවයෙන් සහ වඩාත් අවදානමට ලක් වූ පුද්ගලයන්ගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශක්තිමත් ගෝලීය සහයෝගීතාවයක්‌ මත පදනම් වූ හවුල්කාරිත්වයක්ද , සෑම රටකම සියලු පාර්ශවකරුවන්ගේ සහ සියලු ජනතාවගේ සහභාගීත්වය ද මේ සඳහා අතවශ්‍ය වේ.

ඒ අනුව තිරසර සංවර්ධන ක්‍රියාවලියේ අරමුණු 17 දෙස අප අවධානය යොමු විය . එම 17 වන්නේ,

දරිද්‍රතාවයෙන් තොරවීම, කුසගින්නෙන් තොරවීම, යහපත් සෞඛ්‍ය සහ යහපැවැත්ම, ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව, දැරිය හැකි පිරිසිදු බලශක්තිය, යහපත් වැඩ සහ ආර්ථික වර්ධනය, කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම්, අසමානතා අවම කිරීම, තිරසාර නගර සහ ප්‍රජාවන්, වගකීම්, පරිභෝජනය සහ නිෂ්පාදනය, දේශගුණික ක්‍රියාකාරකම්, ජලයෙන් පහළ ජීවිතය, ගොඩබිම ජීවිතය, සාම යුක්තිය සහ ශක්තිමත් ආයතන, ඉලක්ක සඳහා හවුල්කාරිත්වය යනාදීය එම කොටස් 17යි.

ඒ අනුව ගුවන් හමුදාව නිවේදනය කර තිබෙන ආකාරයට ගුණාත්මක අධ්‍යාපනය සහ පාරිසරික තිරසරත්වය යන තේමාවන් පමණක් නොව මෙහිදී ඉලක්ක සඳහා හවුල්කාරීත්වයද එකතු කල හැකිය.

කෙසේ වුවත් මෙම කටයුත්ත සඳහා පොත් පත් එකතු කිරීම ආදී කටයුතු වලදී මෙන්ම උතුරට පමණක් පොත් බෙදා දීම නිසා සහ සංවර්ධනය කිරීම යන තේමාව නිසා තවත් පළාත් 8 ක් වෙනස්⁣ කොට සලකා තිබේ. නමුත් තවත් පළාත් කිහිපයක් හෝ එකතු කර ගත්තේ නම් , එසේ නොමැති නම් දකුණු පළාත පමණක් හෝ තෝරා ගත්තේ නම් අසමානතා අවම කිරීම යන කොටසද එකතු වේ. එසේම හමුදාවක් ලෙස තමන් සතු වගකීම් පවා නිසි ලෙස ඉටුකිරීම මෙම උතුරු පළාත සංවර්ධනය යන වචනය නිසා ඉටු වුයේද යන්න තවත් අයෙකුට ප්‍රශ්න කල හැකිය.

එබැවින් ගුවන් හමුදාපතිවරයාගේ මෙම උත්සාහය අගය කල යුතු වුවත්, මැතිවරණ ඉලක්ක කරගෙන යම් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමක් වෙනුවෙන් හෝ මෙය සිදු නොවුයේ නම් තවත් හොඳය. එසේම මෙම පොත් එකතු කිරීම සඳහා කඳවුරු වලට නියෝග නිකුත් නොකර, ආර්ථික ගැටළු වලින් පීඩිත භටයන්ට ඇණයක් නොවී කලේ නම් තවත් හොඳය. ඒවා එසේ වුයේ නම් මෙම වැඩ සටහන එක්ෂත් ජාතීන්ගේ තිරසර වැඩසටහනේ කියවෙන කොටස් යටතට ගත නොහැක.

හමුදාවන් වල උසස් නිළධාරීන්ගෙන් බහුතරයක්ට ආර්ථික ගැටළු නැති බව අප හොඳාකාරවම දන්නා අතර දරුවන් සිටින හමුදා භටයන්ගේ ජීවිතවලින් බහුතරයක් ආර්ථික ගැටළු වලින් මෙන්ම, ඒ හේතුවෙන් හටගත් මානසික පීඩාවන්ගෙන්ද පීඩා විඳින බව අප වර්තමාන ගුවන් හමුදා ප්‍රධානීන්ට අවධාරණය කරන්නෙමු. එක් දිනක හෝ වැටුප අහිමි කිරීම පමණක් නොව කොපි පොතක් ලබා දෙන ලෙස කරන ඉල්ලීම පවා ඔවුන්ට පීඩාවක් බව , කා, බී සැපේ සිටින ගුවන් හමුදා නායකයන්ට අප අවධාරණය කරන්නෙමු.

Exit mobile version