Mi-17 හෙලිකොප්ටර් යානය [SMH 4415 ] 2017 දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් වල යොදවා තිබුන අතර මෙම යානය අනතුරට පත්ව හදිසි ගොඩබෑමකට ලක් කරන ලදී . මෙම යානය නැවත පිළිසකර කිරිම සදහා ටෙන්ඩරය ලබාගැනිමට ඉතා අධික මුදලකට (ඩොලර් මිලියන1) ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ සමීපතම මිතුරෙකු වන සංජය අධිකාරී නමැති අයෙකු ගුවන් හමුදාපතිගේ ලගම නෑදෑයෙකු විසින් තාවකාලිකව පිහිටුවා ගන්නා ලද ආයතනයකට සම්මත ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිබාහිරව මෙම ටෙන්ඩරය ලබා දී තිබේ.
මෙම ටෙන්ඩරය කැදවීම අනතුරට ලක්වූ හෙලිකොප්ටර යානයේ අලුත්වැඩියාවක් වුවත් එය ඉතා අධික මුදලකට (ඩොලර් මිලියනයකට) ලබා දී ඇති අතර එවකට Mi-17 හෙලිකොප්ටර් යානයක් සම්පුර්ණයෙන් පිළිසකර කිරිම සදහාද (overhaul) වැයවනුයේ ඩොලර් මිලියන 1.2 පමණ මුදලකී.
මේ පිලිබදව සම්පුර්ණ විස්තරයක් අප වෙත එවා තිබෙන නමුත් අදාල ආයතනයේ ලියාපදින්චි සහතික සහ තවත් අත්‍යාවශ්‍යම ලේඛන කිහිපයක්ම තවමත් නොලැබුනු බැවින් ඒවා මෙහි ඇතුලත් කර නැත. ඒ කෙසේ වෙතත් මේ පිලිබදව යමෙක් පරීක්ෂණයක් පවත්වන්නේ නම් සමස්ත තොරතුරු ලබා දිය හැකිය.
(මෙම පලකිරීමේ යම් දෝශයක් තිබේ නම් ඒවා නිවරදි කරගැනීම ගුවන් හමුදා මාධ්‍යය ප්‍රකාශකගේ වගකීම වේ. එසේ නිවැරදි කරන්නේ නම් සමස්ත ටෙන්ඩර් ගොනුවම ඉදිරිපත් කර අදාල ලේඛන සමග නිවැරදි කිරීම සදහා අප වෙත යොමු කරන මෙන් දන්වා සිටිමු. දින 14ක් ඇතුලත ඒවා අප වෙත යොමු කරන්න)